IMG-LOGO

කන්දහාර් වැසියන් 33 ක් මරා දමලා

තලේබාන් සංවිධානය පසුගිය සති දෙකක කාලයේදී සිවිල් වැසියන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි ‘ඇෆ්ගනිස්තාන ස්වාධීන මානව හිමිකම් කොමිසම’ සඳහන් කරයි.

තලේබාන් සංවිධානය ඉකුත් සති දෙකක කාලයේදී ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ පුද්ගලයන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි මානව හිමිකම් උපුටා දක්වමින් ටෝලෝ පුවත් සේවය ද වාර්තා කර තිබිණි.

ආගමික නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ නායකයන්, ප්‍රභූන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආකරක්ෂකයන්, මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන්, ගෝත්‍රික නායකයන් මෙලෙස ඝාතනය කර ඇතැයි ඇෆ්ගනිස්තාන ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශක සබිහුල්ලා ෆර්හාන්ග් පැවැසීය.

“යුධ නීතියට අනුව සිවිල් වැසියන්ට හානි කරන ඕනෑම සංවිධානයක් කරන්නේ යුධ අපරාධයක්” යැයි ද මෙතෙම කීය.

තලේබාන් සංවිධානයේ කන්දහාර් පළාතේ දිස්ත්‍රික්ක රැසක බලය අත්පත් කරගෙන ඇතැයි ද සිවිල් වැසියන් සිය ගණනක් සිර අඩස්සියට පත් කර ඇතැයි ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගිය සිකුරාදා සඳහන් කළේය. එම සිවිල් වැසියන් ඇෆ්ගනිස්තාන ආණ්ඩුව සමඟ සම්බන්ධතා පවත්වන බවට තලේබාන් සංවිධාන එම වැසියන්ට චෝදනා කරන්නේ යැයි ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කළේය.

තලේබාන් සංවිධානය පළාත් ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් ඥාතීන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාකනය කර ඇතැයි ද වාර්තා වේ. මියගිය අය අතර ඇෆ්ගන් හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ගේ ඥාතීන් ද සිටින බව වාර්තා වේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර දේශසීමාවේ තිබෙන් ස්පින් බෝල්ඩාක් දේශසීමාවේ පාලනය අත්පත් කරගෙන ඇතැයි ද වාර්තා වේ. ස්පින් බෝල්ඩාක් දේශසීමාව පිහිටා ඇත්තේ කන්දහාර් පළාතේ ය.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

කන්දහාර් වැසියන් 33 ක් මරා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 5 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 455 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 230 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site