දොළොස් හැවිරිදි නිකොලායි ක්රයිගලියචෙන්කෝට පට බැඳී ඇති නාමය ‘‘කාන්දමාය‘‘. ඒ ලෝහ වස්තූන් තමන් වෙත ඇදගැනීමටත් ඒවා තම ඇගෙහි අලවාගෙන සිටීමටත් ඔහු සතුවන අද්භූත හැකියාව නිසාය.
රුසියා ජාතික නිකොලායි පවසන්නේ මග වැටී තිබුණු විදුලි රැුහැනක් වැරදීමකින් පෑගී අධි විදුලි සැරක් වැදීමෙන් පසු මෙසේ ලෝහ ද්‍රව්‍ය තම ඇෙඟ් ඇලෙන්නට පටන්ගත් බවයි.
දැන් ලෝහ ද්‍රව්‍ය පමණක් නොව ප්ලාස්ටික්,කොළ කැබලි වැනි දේ පවා තම ඇෙඟහි අලවාගෙන සිටීමට හැකි බව ඔහු කියයි.
මේ හැකියාව නිසාම දැන් පාසලේ ජනපි‍්‍රයම කොලූ ගැටයා නිකොලායිය.
නිකොලායි වැනි මිනිස් කාන්දම් ගැන තොරතුරු ලොව දස දෙසින් ඇසෙන අතර එවන් පුද්ගලයින්ටම වෙන්වූ සංවිධානයන්ද ඇත.
නිකොලායි සේම ඔවුන් බහුතරයද විශ්වාස කරන්නේ එම හැකියාව ඔවුන් ලද විශේෂ වරප්‍රසාදයක් ලෙසය.
නමුත් විද්‍යාඥයින් දරන්නේ වෙනත් මතයකි.සිරුරින් කාන්දම් බලයක් උපදීමට හැකියාවක් කිසිසේත්ම නොමැති බව කියන ඔවුන් ඔය කියන පුද්ගලයින්ගේ සම සාමාන්‍ය පුද්ගලයෙකුගේ සමට වඩා වෙනස් වීමේ ඉඩක් තිබෙන බවත් එනිසා ඔවුන්ට අනෙක් අයගේ සමට වඩා හොද ග්‍රහණ හැකියාවක් පිහිටිය හැකි බවත් පවසයි.
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාන්දම් අමුණාගන්න රුසියා රුසියාවෙන්
සමුද්‍රා Friday, 21 November 2014 03:45 AM
සුදු යකඩ කාන්දමට ඇලෙන්නේ කොහොමද .(හේ)
ගුණරත්න Thursday, 20 November 2014 08:20 PM
ජයත්, ඔබ කියන දේ හරි. (නි)
පුබුදු Saturday, 22 November 2014 09:40 AM
මමත් ජයත් ගේ අදහස අනුමත කරනවා. (නදී)
හසන් Thursday, 20 November 2014 09:15 AM
විද්‍යාඥයින් කියනවා ශරීරයේ කාන්දම් බලයක් උපදින්නේ නැහැ කියල, ඊළඟට කියනවා ග්‍රහණ ශක්තියක් තියනව කියලා. මොකකද මේ කතාවේ තේරුම. (දිල්)
තේජා Thursday, 20 November 2014 10:11 AM
විද්‍යාඥයින් මතයේ අත්තක් තියනවා ආකර්ෂණය වෙනවා කියන්නේ පතක තියන දේවල් ඇදිලා එනවා කියන එක ග්‍රහණය කරගන්නවා කියන්නේ වෙනම දෙයක් හරියට ඔය බැග්වල සෙරෙප්පු සපතුවල එහෙම තියන අලවන පටි දැකලා තියනවද ඒවා එකට අැලුනට ඇදගැනීමේ හැකියාවක් නැහැ . මේකත් ඒ වගේ දෙයක් උදාහරණෙට ඔය දෙවැනි පින්තුරේ අත්දෙකේ තියන හැඳි දෙක ඇත බිමට හරවොත් වැටෙනවා . නමුත් ආකර්ශනයක් තියනවා නම් එහෙම වෙන්නේ නැහැ . ඔය ඇලවිලා තියන හැම එකම අනතියක් එක්ක තියන්නේ හොදින් පින්තුර බලන්න.(හේ)
ජයත් Thursday, 20 November 2014 10:34 AM
එයාල කියන්නේ මේක කාන්දම් බලයක් නිසා නෙමෙයි වෙන ග්‍රහණ ශක්තියක් නිසා දෙයක් කියලා . සමහර සත්තු සමහර ස්තර වලට ඇලිල ඉන්නේ "චුෂකර " නිසා කියලා මේකත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් .නැතුව ඔවුන්ම කියන විදියට "කාන්දම් " නිසා වෙන්න බැහැ සත්‍ය පරීක්ෂණ වලින් එලිවෙවී .(හේ)