අවුරුදු 55 ට වැඩි අයට, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් ලබා නොදීමට, කැනඩා සෞඛ්‍ය බලධාරීන් තීරණය කළේය.
කැනඩා සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ, එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසෙනවා යැයි කැනඩා වැසියන් අතරේ බියක් හටගෙන ඇති බැවිනි. මෙම බිය හටගෙන ඇත්තේ එන්නත ලබා ගත් කිහිප දෙනකු රුධිරය කැටි ගැසී රෝහල් ගත කළ නිසාය.
ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ආරක්ෂිත බව පුනපුනා පවසා ඇති නමුත්, තමන් එන්නත ලබා දෙන්නේ අවුරුදු 55 ට වැඩි අයට පමණක් බව කැනඩා සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසා තිබේ.
මීට පෙර, අවුරුදු 18 වැඩි සහ 65 ට අඩු සැමට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සුදුසු යැයි කැනඩා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර තිබුණි.
මේ වනවිටත් කැනඩා වැසියන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නතට අමතරව එන්නත් කීපයක් ලැබේ. ‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එම එන්නත්ය.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ යනු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්, ඇස්ට්‍රා සෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ කොරෝනා ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නතය.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් රටවල් කිපයක නිපදවීම කරයි. ඉන්දියාවේ පූනේ නුවර, සේරම් ආයතනය නිපදවන්නේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය.
කැනඩාවට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් ලැබෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදනය කිරීමෙන් පසුය. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නතට ඇමෙරිකා ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය පවා මෙතෙක් හිමිවී නැත.
ටොරෙන්ටෝහිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
706
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2374
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩාවේ 55 ට වැඩි අයට ඇස්ට්‍රාසෙනකා දෙන්නේ නෑ