කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයේ ඇතිවූ දරුණු හිම කුණාටුවක් හේතුවෙන් ගුවත්තොටුපළ සහ කඩ සාප්පු සියල්ල වසා දැමීමට සිදුවූ බව වාර්තා වේ.
හිම කුණාටුවෙන් ශාන්ත ජොන් නගරයට සෙන්ටිමීටර් 75ක පමණ හිම පතනයක් ඇතිවූ අතර පැයට කිලෝමීටර් 130ක පමණ වේගයෙන් සුළං හමා ගියේය.
ශාන්ත ජොන් නගරයේ නගරාධිපති ඩැනී බ්‍රීන් මහතා පැවසුවේ සිකුරාදා සිට ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි.
"සියලුම ව්‍යාපාර වසා දමන ලෙසට නියෝග කළා. පොලිසිය හා ගිනි නිවන රථ හැර අනෙක් සියලුම වාහන ගමන් කිරීම තහනම් කළා" යැයි නගරාධිපතිවරයා පවසයි.
දහස් ගණනක පිරිසකට විදුලිය ඇණහිට ඇති බවද වාර්තා වේ. මිතුරකුගේ නිවසට පයින් ගමන් කළ 26 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩාවේ දරුණු හිම කුණාටුවක් - ගුවන්තොටුපළක් වහයි