IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කතා කරලා යුක්රේන අර්බුදය විසඳා ගන්න ඕනෑ

සටන් විරාමයකට යමින්, සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන් උත්සහ ගත යුතු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මෝදි මෙසේ අවධාරණය කළේ ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සහභාගී වෙමිනි.

දෙවැනි ලෝක යුද්ධයේ බිහිසුණු බව අත්විඳි ලෝකය සැමවිටම උත්සාහ ගත යුත්තේ යුද්ධ කිරීමට නොව සාමයට යැයි අග්‍රාමාත්‍ය මෝදි සමුළුවේදී පෙන්වා දුන්නේය. ‘පසුගිය ශතවර්ෂයේ අප දෙවැනි ලෝක යුද්ධයෙන් සිදුවුණු මහා විනාශය අත්වින්දා. යුක්රේන අර්බුදය කිසිසේත් තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග යා යුතු නැහැ. සටන් විරාමයකට කඩිනමින් යන්න ඕනෑ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන්න ඕනෑ’ යැයි අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් කියා සිටියේය.

‘ලබන වසරේ ජී 20 සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාව බුදුන් උපන් දේශයයි. අහිංසාවාදයේ පියා ගාන්ධිතුමන්ගේ දේශයයි. මා විශ්වාස කරනවා එම ජී20 සමුළුව පැවැත්වෙද්දී ලෝකය සාමකාමී තැනැක් වනු ඇත.’ යැයි ද අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් පැහැදිලි කළේය.

බාලි හි පැවැති ‘ජී20’ සමුළුවට සමඟාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බි්‍රතාන්‍ය නව අග්‍රමාත්‍ය ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක් ද හමුවිය. ඔවුන් සියලු දෙනා සමඟ මෝදි, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.

‘ජී20’ යනු ලොව ආර්ථිකමය වශයෙන් බලවත් රටවල් 19 ක් සහ යුරෝපා සංගමයේ එකමුතුවයි. ‘ජී20’ සමුළුව වාර්ෂිකව පැවැත් වෙන අතර මෙවර සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝ ය. සමුළුවට පැමිණි සියලු නායකයන් උණුසුම් ලෙස පිළි ගැනීමට ජනාධිපති යෝකෝ විඩෝඩෝ කටයුතු කළේය.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජය, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය දැක්වීම සහ ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලීම නිසාය. ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් එක් වී ‘නේටෝ’ යුද සන්ධානය පිහිටුවාගෙන ඇත්තේ රුසියාවෙන් එල්ලවන තර්ජනවලට එරෙහිවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කතා කරලා යුක්රේන අර්බුදය විසඳා ගන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27603 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 641 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 193 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site