රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට නම්, යුක්රේනය සුදු කොඩි ඔසවා රුසියාව සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, පාප්තුමන්ට යුක්රේනයෙන් විරෝධයක් එල්ල වී ඇත.
යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කූබා එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාප්තුමන්ට දැඩි ලෙස විරෝධය පළ කර ඇත්තේ, යුක්රේනය ඔසවාගෙන සිටින්නේ එකම එක කොඩියක් බවත්, ඒ කහ සහ නිල් වර්ණවලින් යුත් යුක්රේන ජාතික ධජය බවත් යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කූබා පවසා ඇත. පාප්තුමන් රුසියාවට පක්ෂව, යුක්රේනය හෑල්ලුවට ලක් කරමින් අදහස් දක්වන බවට ද යුක්රේන විදේශ අමාත්‍යවරයා චෝදනා නගා තිබේ.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින් රුසියව සමඟ සාකච්ඡා පැවැත්වීමට, යුක්රේනය වඩා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමය කළ යුතු බවත්, සුදු කොඩි අතින් දැරීමට යුක්රේනය ධෛර්යවන්ත විය යුතු බවත් පාප්තුමන් පැවැසුවේ, ස්විට්සර්ලන්ත ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
‘ඇත්තටම මම විශ්වාස කරන විදියට රුසියාවට වඩා යුක්රේනය ශක්තිමත්, යුක්රේනයේ උදවුවට බටහිර බලවතුන් ඉන්නවා. ඒකයි හේතුව. ඒත් යුක්රේනය යුක්රේන වැසියන් ගැන සිතන්න ඕනෑ. සුදු කොඩි අතින් දැරීමට ධෛර්යවන්ත විය යුතුයි. සාකච්ඡා සඳහා යොමු විය යුතුයි’ පාප්තුමා එම සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වයේ මෙලෙසිනි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කතාවට යුක්රේනයෙන් දැඩි විරෝධයක්