IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කඩා වැටුණු යානයේ තවත් හඬ පටයක් හමුවේ

ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒසියා යානයේ ගුවන් නියමු කුටියේ සවිකර තිබු හඩ පටිගත කිරීමේ යන්ත්‍රය කඩා වැටුනු යානයේ සැකිල්ලේ තිබී කිමිදුම්කරුවන් විසින් අද සොයාගත් බව ඉන්දුනීසියානු පරික්ෂකයන් පැවසු බව රොයිටර් පුවත් සේවය වාර්තා කලේය. මේ හේතුවෙන් මගීන් 162 ක් මරණයට පත්කරමින්  අනතුරට පත් යානාවේ අනතුරට හේතුව සොයා ගැනීමට හැකිවේ යැයි පර්යේෂකයෝ කියති.

ඉන්දුනීසියානු එයාර් ඒසියා අංක කිව්ඉසෙඩ් 8501 යානය හා ගුවන් පාලකවරුන් අතර තිබු සම්බන්ධතාවය අයහපත් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 28 වෙනි දින ඇණහිට තිබිණි. ඒ වන විට ඉන්දුනීසියාවේ දෙවැනි විශාලම නගරයේ වන සුරබයා සිට සිංගප්පූරුව තෙක් ගමන් කරමින් තිබු මෙම යානයේ ගුවන් ගමන් කාලයෙන් අඩක් පමණ අවසන් වී තිබිණි.

නියමු කුටියේ හඩ පටිගත කිරීමේ යන්ත්‍රය තුල අවසන් පැය දෙකේ ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් අතර පැවැති සංවාදයේ හඬ පටයන් අඩංගුය.

සොයාගත් ගුවන් නියමු කුටියේ හඩ පටිගත කිරිමේ යන්ත්‍රය මේ වනවිට ඉන්දුනීසියානු නාවික යාත්‍රාවකට පටවා ඇති අතර එය ඉන්දුනීසියානු අගනුවර වන ජාකර්තා නගරයට දත්ත විශ්ලේෂණය පිණිස යැවීමට නියමිතය. මෙම යන්ත්‍රයේ ඇති දත්ත විශ්ලේෂණය සදහා මාසයක් පමණ ගතවනු ඇතැයි විමර්ෂකයෝ කියති.

ජාතික ප්‍රවාහන සහ ආරක්ෂාව පිලිබද කමිටුවේ විමර්ෂක සන්ටොසෝ සයොගෝ විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කළු පෙට්ටිය සහ ගුවන් නියමු කුටියේ හඩ පටිගත කිරිමේ යන්ත්‍රය යන දෙකම සොයාගත් බව තමා ස්ථිර ලෙසම සහතික කරණු ලබන බවයි.

The flight data recorder of AirAsia QZ8501 is transferred to another container at the airbase in Pangkalan Bun



අදහස් (0)

කඩා වැටුණු යානයේ තවත් හඬ පටයක් හමුවේ

වීරසිංහ Thursday, 15 January 2015 04:09 AM

බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

චින්තක Wednesday, 14 January 2015 01:56 PM

පුදුමත් හිතෙනවා (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 14 January 2015 02:38 AM

මමත් ගියා බලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site