IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කට පිළිකාවට අත වනයි

අධික තරබාරුභාවය, ඒ හා බැදුණු පමණ ඉක්මවා සීනි අධික ආහාර අනුභවය, නොවුමනා ලෙස මත්පැන් පානය කිරීම වර්තමානයේ පිළිකා තත්ත්වයන් ඇති වීම කෙරෙහි බලපාන නවතම ප්‍රවණතාවයන් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවක දැක්වේ.

‘ලෝක පිළිකා වාර්තාව‘  නම් වන මෙම වාර්තාවේ තම තමන්ගේ ආහාර රටා හා ජීවන පුරුදු වෙනස් කරනොගන්නේ නම් එළැඹෙන වසර 20 කාලය අතරතුරදී ලෝක පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 250 කින් පමණ ඉහළ යනු ඇතැයි සදහන්ය.

වාර්තාව පිළියෙල කිරීම සදහා සිදු කළ සමීක්ෂණයන්ට අනුව වාර්තා වුනු පිළිකා තත්ත්වයන් බොහෝමයක් මුල් අවස්ථාවේම හදුනාගගෙන තිබුණේ නම් මාරාන්තික වීමට පෙර වළක්වාගත හැකිව තිබුණු තත්ත්වයේ ඒවා බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

පිළිකා අවදානම ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ සුළු හා මධ්‍ය ආදායම් ඇති රටවල් යැයිද වාර්තාවේ දැක්වේ.

එම රටවලට පිළිකා සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීමත්, ගෝලීයකරණය හමුවේ වෙනත් රටවල සංස්කෘතීන්ගේ බලපෑම් වලට යටත්ව දුම්පානය, මත්පැන් පානය වැනි අයහපත් කි්‍රයා පමණ ඉක්මවා යෙදීමත්  මේ තත්ත්වයට හේතුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ.පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නිසි පහසුකම් සැපැයීමට මෙවන් බොහෝ රටවල රජයයන්ද අපොහොසත්වී තිබීම තත්ත්වය තවත් බරපතල කරන්නේයැයිද ලෝක සෞඛ්‍යය සංවිධානය කියයි.

පිළියම් ලෙස එවන් රටවල මත්පැන් හා පැණි බීම පානයන්ට බදු පැනවීමත්, පිළිකා රෝග සම්බන්ධයෙන් විවිධාකාරයේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් කි්‍රයාවට නැංවිය යුතු වීමේ වැදගත්කමත් වාර්තාවෙන් පෙන්වා ඇත.



අදහස් (0)

කට පිළිකාවට අත වනයි

නිලන්ති Tuesday, 04 February 2014 07:36 PM

චාමික ඉතා වටිනා අදහසක් දක්වල තියෙනවා. අපේ ගෙවල් වල හැන්දෑවට මදුරුවෝ එනවට සියලු දොර ජනෙල් වහගෙන මදුරු දඟර විතරක් නොවෙයි හඳුන් කූරු සාම්බ්‍රානි වැනි සුවඳ දුම් පුරෝගෙන ඉන්නවා. ජනෙල් ආදියට තාවකාලිකව ආවරණය කල පොලිතින් හිරු එලියට වියෝජනය වීමෙන් නිවෙස තුල පිළිකා කාරක රැස්වෙනවා. (අ)

:       0       0

විද්‍යා Thursday, 13 February 2014 12:47 AM

මට මතකයි අවුරුදු ගණනාවකට කලින් මම මුහුදේ නකොට ජර්මනියෙන් ඇවිත් ලංකාවේ පදිංචි මහත්තයෙක් සමග කතා කරන්නට ලැබූන. මටත් ඉංගිරිසි වචන ටිකක් වැරදි වැරදි හරි ගෙට ගහ ගන්න පුළුවන්. එතුමා කීව එයාගේ ගෙදර වටේට ටැංකි බැඳලා මලු ඇති කරනවා කියල.එම මාළු මදුරුවන් සහ මදුරු බිත්තර කා දමනවාලු. මේක හොඳ අදහසක් නේද? (දී)

:       0       0

ගුණේ Sunday, 09 February 2014 10:55 PM

චාමික ඔබ හරිම අපුරුයි. වටිනා අදහස් ! නිලන්තිගේ උඩ ගෙඩියත් හරිම අපුරුයි. (අ)

:       0       0

සත්‍යා Wednesday, 05 February 2014 01:47 PM

මේ ප්‍රශ්නය චාමික වෙතටයි: පිළිකා රෝගයට හේතුකාරක වන පාරිසරික සාධක තනි පුද්ගලයෙක් වශයෙන් ජය ගැනීම අපහසු අවස්තාවක පිළිකා ශෛල වර්ධනය යම් තරමකින් පාලනය කළහැකි ආහාර (මයියොක්ක, බීට් රූට් වැනි) ගැනීමෙන් යම් සහනයක් ලබා ගත හැකි නේද? (දී)

:       0       0

නිලන්ති Tuesday, 04 February 2014 04:53 PM

රූපලාවන්‍ය කියන හුරතල් නමින් රවට්ටලා අපට ගා ගන්න කියන දහ ජරාව බොහොමයක් විෂ පිළිකා කාරක මිසක් ශාක සාර නොවෙයි. මේවත් ලොව පුරා පිළිකා රැල්ලක් ඇතිවීමට හේතු වෙලා. (නදී)

:       0       0

චාමික Tuesday, 04 February 2014 06:32 PM

සුළු හා මධ්‍ය ආදායම් ඇති රටවල් පිළිකා අවදානම ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඔය හේතු නිසාම පමණක් නොවෙයි. නොවුමනා ලෙස මත්පැන් පානය කිරීම දුම් පානය කිසිසේත්ම නොකරන කාන්තාවන් ගොඩකටත් පිළිකා වැළදිලා තිබෙනවා. සුළු හා මධ්‍ය ආදායම් ඇති රටවල් බොහොමයක අහර පිසීම සඳහා යොදාගන්නේ දර සහ ගොම වැනි ජීව ඉන්ධන. මේවා දහනයේදී හෝ මදුරු දඟර දහනයේදී එන "බහු චක්‍රීය ඇරෝමැටික කාබන් සංයෝග" බොහෝවිට පිළිකා සැදීමට හේතු වෙනවා. බොහෝ අය නොදැනුවත් වුනත් අපේ රටේ රෝහල් ගතවීම් වලට බලපාන දෙවන හේතුව වශයෙන් ගෘහ අභ්‍යන්තර වායු දුෂණය දැක්වෙනවා. අපි දවසේ සියයට අසුවක් පමණ කාලයක් සිටින්නේ ගෘහ අභ්‍යන්තර පරිසරයක වීම නිසයි මෙතරම් ලොකු බලපෑමක් ඇතිවෙන්නේ. නිවසේ වාත හුවමාරු සීග්‍රතාවය වැඩි කිරීම මීට හොද විසදුමක්. මේ එක කෝනයකින් දැකීමක් පමණයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site