IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා : නයිජීරියාවේ දැරියක් ලෙයට බිලිවුණා

වයස අවුරුදු 7 ක මරාගෙන මැරෙන බෝම්බකාරිනියක නයිජීරියාවේ ජංගම දුරකථන අලූත්වැඩියා කටයුතු කරන කඩයක් ඉදිරිපිටදී බෝම්බය පුපුරුවාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

පිපිරීමෙන් පස් දෙනෙකු ජීවීතක්ෂයට පත්ව 19 දෙනෙක් තුවාල ලදහ.

වෙළදපොළෙහි ආරක්ෂක කටයුතු භාර නිලධාරීන් පවසන්නේ වෙළදපොළට ඇතුල්වීමට තැත් කළ මෙම දැරිය තමන් පස් වතාවක්ම හරවා යැවූ බවයි. එවැනි කුඩා දැරියකට ජංගම දුරකථන අලූත්වැඩියා කටයුතු සිදුකෙරෙන වෙළදපොලක කරන්නට ඇති දේ කුමක්දැයි සිතා එසේ ඇය හරවා යැවූ බව ඔවුහු කියති.

ආරක්ෂක අංශ වල ඇස් වසා වෙළදපොළ වටා යවා තිබූ කඹය යටින් රිංගීමට යෑමේදී මෙසේ ඇය බැඳගෙන සිටි බෝම්බය පුපුරාගොස් තිබේ.

ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර බොහෝ දෙනා ඇඟිල්ල දිගු කරන්නේ නයිජීරියාවේ කි‍්‍රයාත්මක අන්තවාදී සංවිධානයක් වන බොකෝ හරාම් දෙසටය.

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සදහා කුඩා දැරියන් හා තරුණියන් යොදාගැනීම බොකෝ හරාම් අන්තවාදීන්ගේ පිළිවෙතකි. මින් පෙර අවස්ථාවකද එම සංවිධානයේ බව කියන වයස අවුරුදු 15 පමණ වන දැරියක් බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගත්තේ 6 දෙනෙකුට මරු කැදවමින් හා 37 දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින්ය.

කෙසේ වෙතත් බෝකෝ හරාම් අන්තවාදීන් සෑහෙන පමණ අඩපණ කිරීමට නයිජීරියාව හා එහි අසල්වැසි රටවල් වන චැඩ් හා කැමරුන් දියත් කර තිබෙන හමුදා මෙහෙයුම් වලින් හැකිව තිබේ.

නමුත් නොසිතූ අවස්ථාවල මෙවන් ප‍්‍රහාර එල්ල කිරීමට තරම් සංවිධානාත්මක ශක්තියක් තවමත් ඔවුන්ට ඇත.

මෙම සිදුවීම හෙළා දැක ඇති ලොව රාජ්‍ය නායකයින් අන්තවාදීන් මර්දනය කිරීමට නයිජීරියා රජය වහාම කටයුතු කළ යුතුව තිබෙන බව පවසයි.

25F4A31E00000578-2964054-image-a-79_1424625156153 25F4A34000000578-2964054-image-a-78_1424625149007 24653B1100000578-0-image-a-29_1420838708460



අදහස් (0)

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා : නයිජීරියාවේ දැරියක් ලෙයට බිලිවුණා

සොපී Monday, 23 February 2015 06:40 AM

කෝ මේ ළමා අයිතිවාසිකම් ගැන කටමැත දොඩවන ජාත්‍යන්තර සංවිධාන? මේ තරම් දේවල් වෙද්දීත් අහක බලාගෙන? (නි)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 06:51 AM

මේ රටෙත් මිනිස් බෝම්බ පිපිරුණා කලකට පෙර.(හේ)

:       0       0

සුරේන් Wednesday, 25 February 2015 11:47 AM

සාමයේ ආගමේ මහිමය, ලංකාවත් මේ වගේ වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි (නදී)

:       0       0

පිටිගල Thursday, 26 February 2015 04:39 AM

මේක මරා ගෙන මැරෙන බෝම්බ කාරියක් කල දෙයක් කියලා කීම පව්. ඒ කුඩා දරුවා මේ බෝම්බය කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා අහිංසක ළමයෙක්. කව්රු හරි මේ දරුවා රවටලා මෙහෙම කරන්න කියලා කරවන්න ඇති, වයස 7 ක දැරියක්. මොනවා හරි දෙන්නම් කියලා රවටන්න ඇති. ත්‍රස්තවාදීනට ශාප වේවා!. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 24 February 2015 01:32 AM

මේවා අපිත් මේ විදිහටම අත්දැක්කා.ඒවා අතීතයට ගියා.එවැනි විනාශයන් කල සියලුම දෙනාත් අතීතයට යැවුවා.එවැනි විනාශයන්ගෙන් අපිව බේරාගත් සැමත් අතීතයට යවන්නට තරම් අපි පුදුම ජාතියක්.දැන් අපිට කිසිවක් මතක නෑ.මතක නැතිකම කොතරම්ද කියන්නේ විනාශයන් කල අය හිරෙන් නිදහස්කරන්නට සහ බේරාගත් අය හිරගෙට යවන්නටත් අපි ළඟදීම කටයුතු කරනවා.(අ)

:       0       0

රජින්ද Tuesday, 24 February 2015 05:10 AM

කාලෙකට ඉහතදී පාසල් දරුවන් පැහැරගෙන ගියානේ. මේ ප්‍රහාරයන් සඳහා ඒ දරුවන්ගේ මානසිකත්වය වෙනස් කරලා ඒ දරුවන්ව යොදා ගන්නවා කියලා මට හිතෙනවා. පවුකාර මිනිස්සු.! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site