කටාර් රාජ්‍යයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබේ.
කෙසේ වුවද සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇති බවයි.
මැයි මස අග භාගයේදී දිනකට රෝගීන් 2,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වනවිට එය දිනකට රෝගීන් 500 පමණ දක්වා අඩුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ වනවිට කටාර් රාට්‍යයේ කොරෝනා රෝගය හේතුවෙන් මරණයට පත්වී ඇති මුළු සංඛ්‍යාව 133කි.
කටාර්හි අධික ජනගහනයක් වෙසෙන අඩු ආදායම්ලාභී සංක්‍රමණික කම්කරුවන් අතර කොරෝනා වේගයෙන් ව්‍යාප්ත විය.
කොරෝනා හේතුවෙන් කටාර්හි පනවන ලද ඇඳිරි නීතිය ජුනි 15 සිට අදියර හතරකින් ඉවත් කිරීම ආරම්භ විය.
එහි දෙවන අදියර ජූලි 01 වැනිදා ආරම්භ වූ අතර අවන්හල්, වෙරළ සහ උද්‍යාන නැවත විවෘත කෙරිණ.
රටවල් හයකින් යුත් ගල්ෆ් සහයෝගීතා කළාපයේ දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ කටාර් රාජ්‍යයේ වන අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ සෞදි අරාබියෙනි.
සෞදි අරාබියේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 489,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 3,000ක් වාර්තා වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2392
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් 100,000 පනී