IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කටාර් ජාතිකයන්ට මක්කම මහ පල්ලියත් වැසෙයි

කටාර් ජාතිකයන්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කරයි.

මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි වාර්තා වේ.

කටාර් පුරවැසියන්ට මක්කම පිහිටි මස්ජීද් අල් හරාම් මහ පල්ලියට ඇතුළුවීමට ඉඩ නොදුන් බව එරට පුරවැසියන් පවසා ඇතැයි අදාළ පුවත්පත වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි ලැබී තිබේ.

මෙම සිදුවීම් මානව හිමිකම් ප්‍රඥප්තීන්වලින් අවසර දී තිබෙන පරිදි පුද්ගලයන්ට ආගමික ස්ථානවලට පිවිසීමටත් ආගමික කටයුතුවල නිරත වීමටත් දී තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් යැයි කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී අලි බින් සමායික් අල් මාරි පවසා ඇත.

කෙසේ නමුත් ඉස්ලාමීය ආගමිකයන්ගේ ප්‍රධානතම ආගමික ස්ථානයක් වන මක්කම පිහිටි ප්‍රධාන පල්ලියට ඇතුළුවීමේදී සෞදි බලධාරීන් සාමාන්‍යයෙන් කිසිවකුගේ ජනවර්ගය හෝ නිකාය හෝ නොවිමසන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.

මෙම සිදුවීම් වාර්තා වූයේ සමාජ මාධ්‍යය ඔස්සේ කටාර් රාජ්‍යයට අනුකම්පා සහගත ප්‍රකාශ කිරීම වරදක් බවට එක්සත් අරාබි රාජ්‍යය සහ බහරේනය  ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුය.

ඒ අනුව එම වරදට වසරක 15ක සිර දඬුවමක් සහ ඇමෙරිකා ඩොලර් 136,000ක දඩයක් ද පනවන බව එක්සත් අරාබි රාජ්‍යය ප්‍රකාශ කළ අතර බහරේනය ඊට පස් වසරක සිර දඬුවමක් පනවන බව නිවේදනය කර ඇත.

සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ඉකුත් 5 වැනිදා කටයුතු කළේය. කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට සහ මූලධර්මවාදී අදහස් ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවට එම රටවල් චෝදනා කළේය.  

සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව මුලින්ම කටාර් රාජ්‍යය සමඟ තිබෙන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට කටයුතු කළ අතර යේමනය සහ ලිබියාවත් ඉන් අනතුරුව එම පියවර අනුගමනය කළ අතර ජෝර්දානය ඇතුළු තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත දැමීමට පියවර ගත්තේය.

අල් ජසීරා ඇසුරිනි - 055



අදහස් (18)

කටාර් ජාතිකයන්ට මක්කම මහ පල්ලියත් වැසෙයි

nishantha Sunday, 11 June 2017 06:40 AM

සියළුම ආගම් සහ ජාතීන් සාමයට කැමතියි. ඔව්හු ත්‍රස්තවාදයට විරුද්ධ අය වෙති...

:       357       36

jason silva Sunday, 11 June 2017 07:09 AM

කොහොමද ඇමරිකන් වරුන්ගෙයි, ඊශ්‍රායෙල් වරුන්ගෙයි මොලේ.... අරාබි කාරයෝ එකිනෙකා කෙටෙව්වා එක සංචාරයෙන්ම... දැන් ඉතින් අරාබියේ මිනිසුන් ගහගෙන විනාශ වෙනවා. ඇමරිකාව පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. සල්ලි තිබුණට වැඩක් නැහැ. මොලේ නැතුව නම්....

:       2       181

kumar (galf)Sunday, 11 June 2017 08:50 AM

මේක නිකන් තේරුමක් නැති කතාවක්....

:       311       16

tuanSunday, 11 June 2017 09:03 AM

ඔබ සියයට සියයක්ම නිවැරදියි සහෝදරයා ...

:       66       37

RISHARD SADIKEEN Sunday, 11 June 2017 09:04 AM

මේවා නිකන් මිරිඟුවක් පස්සේ ගිය වැඩක් වගේ දෙයක්... මොකක්ද වෙන්න යන්නේ කියන එක අපි අවුරුදු 1400 ට කලින් දන්නවා. මේවා මොලෙන් කරන දේවල් නොවේ. මුදල් වලින් වෙන දේවල්...

:       48       9

bamunuThursday, 15 June 2017 12:01 PM

අවුරුදු 1400 පෙර මොනවද දන්නේ දැනට අවුරුදු 1400 කලින් ඔබලාට මුස්ලිම් ආගමක් තිබුනේ නැත මුස්ලිම් ආගමේ නියම වයස අවුරුදු 1288යි කොලයක් පන්සලක් අරගෙන ගණන් හදල බලන්න.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 11 June 2017 09:53 AM

මම නම් සලකන්නේ සෞදියට යන්න නොලැබීම භාග්‍යයක් ලෙසයි. එය එසේ විය යුතුයි.

:       20       194

susantha Sunday, 11 June 2017 11:02 AM

කටාරයට දැන් තමයි මානව හිමිකම් මතක් වෙලා තියෙන්නේ. ඔතනට යන්න පුළුවන් කමක් තිබුනේ නෑ නේද වෙන කාටවත් කොහොමටත්.... එතකොට ඒ පුද්ගලයින්ගේ මානව හිමිකම් කොහොමද තිබ්බේ?

:       206       187

senewi Sunday, 11 June 2017 02:14 PM

එතකොට කටාර් වල ඉන්න අය මුස්ලිම් නෙවෙයිද? දෙවියොත් සල්ලිවලට ගන්නද හදන්නෙ? සෞදි අරාබියට සම්බාධක පනවන්න ඕනේ...

:       37       281

කුමාර Sunday, 11 June 2017 02:17 PM

එහෙම නම් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට උදව් කල රටවල් වලටත් සම්බාධක පණවන්න එපායැ....

:       0       151

Janakee Sunday, 11 June 2017 05:22 PM

කටාරයේ වැසියනුත්, සෞදි අරාබියේ වැසියනුත් කිතුණු දහම වැළඳගත්තා නම් හොඳයි... මොකද එතකොට ඇමෙරිකාවේ ජනතාවත් සතුටුවෙයි... හා... එහෙම නෙවෙයිද?

:       82       23

Deepal Nirosh Monday, 12 June 2017 03:31 AM

මැද පෙරදිග ඌරන් කැකුණ තලන විට බටහිර හබන් කුකුළන්ට නම් රජ මඟුල් කිවිවා. කෝ අපේ මේ මානව හිමිකම්... !!

:       1       44

hira Monday, 12 June 2017 06:46 AM

මෙතන තිබුණු මකුලකාරාම විහාරය කෝ. ඉතිහාසය කවරදාකවත් සදා කල් වලදාන්න බැහැ.

:       71       197

saman Monday, 12 June 2017 08:51 AM

මේක නම් බොරුවක්ද කොහෙද?

:       14       1

ravin Tuesday, 13 June 2017 12:59 AM

ඉස්ලාමිය ආගමේ තියන වැදගත් දෙයක් තමා හැමදෙනාම එක හා සමාන සහෝදරත්වයෙන් සැලකීම. කටාරයේ සිටින්නේ ඉස්ලාම් ආගම අදහන මිනුසුන් නොවේද?

:       0       24

bamunuThursday, 15 June 2017 12:05 PM

ඉස්ලාම් අගමැ ගැන තව ඉගෙන ගන්න එතකොට ඔය අදහස් වෙනස් වේවි. ඉස්ලාමිය ආගමේ තියන වැදගත් දෙයක් තමා හැමදෙනාම එක හා සමාන සහෝදරත්වයෙන් සැලකීම.ලු එනිසාද isis කාරයෝ අල්ල ගේ නාමයෙන් තමන්ගේම එවුන් මරන්නේ.

:       0       0

saman Tuesday, 13 June 2017 10:07 AM

hira, පිස්සුද නැතිනම් හැටිද

:       103       0

saman Tuesday, 13 June 2017 10:08 AM

දීපාල් ලංකාවේ මොනවද වෙන්නේ කියල හොයල ඉන්න. නිකන් තමුන්ගේ තියන ඊර්ෂ්‍යාව පෙන්වන්නේ නැතුව

:       12       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site