IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කටාරයේ ආරක්ෂාවට ට්‍රම්ප්ගෙන් සහතිකයක්

කටාර් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විශේෂ විධායක නියෝගයකට අත්සන් කර ඇත. එම නියෝගය අනුව, කිසියම් රටක්, කටාර් රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කළහොත්, කටාරයේ ආරක්ෂාවට ඇමෙරිකාව මැදිහත් වනු ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ, පසුගිය මාසයේ, ඊශ්‍රායල කටාර් රාජ්‍යයේ දෝහා නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරය සැලකිල්ලට ගනිමිනි. ඊශ්‍රායලය එම ගුවන් ප්‍රහාරය එල්ල කළේ දෝහා නුවර සිටි හමාස් සංවිධානයේ නායකයන් ඉලක්ක කර ගනිමිනි. කටාර් හමුදා සොල්දාදුවකු ද එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධිය මුල්කොට ගනිමින්, කටාරය සහ ඊශ්‍රායලය අතරේ අර්බුදයක් නිර්මාණය විය. ඊශ්‍රායලය තම ස්වෛරීත්වය උල්ලංඝනය කළේ යැයි කටාරය චෝදනා කළේය. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තමන්ට රිසි පරිදි ක්‍රියා කරන්නේ, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සැමවිටම ඔහු ආරක්ෂා කරන නිසා යැයි ද කටාර්යෙන් චෝදනා නැගෙන්න විය.

ඇමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ 80 වැනි මහ සමුළුවට සහභාගී වෙමින්, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතුවේ ද ඊශ්‍රායලයට දෙහි කපමිනි. ඊශ්‍රායලය හිතුවක්කාර අන්දමින් ක්‍රියා කරන රාජ්‍යයක් යැයි චෝදනා කළේය.

ඊශ්‍රායලය තම රටට පහරදීම, කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බවත්, රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් පැහැදිලි කළේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී විය. ඉන් අනතුරුව, ධවල මන්දිරයේ දී නෙදන්යාහු සහ ට්‍රම්ප් අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි. ඒ, ගාසා තීරයට සටන් විරාමයක් සහ සාම සැලැස්මක් හඳුන්වාදීමේ අරමුණින්ය. එහිදී කටාර් අර්බුදය ද මාතෘකාවක් විය. 

එසේ සාකච්ඡා පැවැත්වෙද්දී, ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් අග්‍රාමාත්‍ය නෙදන්යාහු ධවල මන්දිරයේ ට්‍රම්ප් අසල සිට කටාර් අග්‍රාමාත්‍ය අල් තානී දුරකතනයෙන් සම්බන්ධ කර ගැණුනි. දෝහා නුවරට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, නෙදන්යාහු සමාව ඉල්ලීමක් කළේය. 



අදහස් (0)

කටාරයේ ආරක්ෂාවට ට්‍රම්ප්ගෙන් සහතිකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 691 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site