IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඕස්ටේ‍්‍රලියා ගුවන් යානයක් කතුරු ඔංචිල්ලාවක පැටළිලා

ඉතා කුඩා ප‍්‍රමාණයේ සැහැල්ලූ ගුවන් යානයක් නියමුවාගේ නොසැලකිල්ල හේතුවෙන් පෙරේදා (1)  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සැණකෙළි භූමියක අටවා තිබූ කතුරු ඔංචිල්ලාවක පැටලූණේය. නියමුවාට අමතරව ගුවන් යානයේ කුඩා දරුවන් දෙදෙනකු සහ තවත් මගියකු සිටි අතර ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන සේවා නිලධාරීන්ට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය. ගුවන් යානය කතුරු ඔංචිල්ලාවේ පැටලූණු බව සැලවීමත් සමඟ යානයේ සිටි පිරිස බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වූ අතර පොලිසියේ සහ ඉදිකිරීම් සේවක පිරිසකගේ සහාය ද ඊට ලැබුණි. විනාඩි 90 ක් ගත වෙද්දී දරුවන් දෙදෙනා බේරා ගත් අතර නියමුවා සහ අනෙක් මගියා බේරා ගැනීමට තවත් පැයක පමණ කාලයක් ගත වූ බව  ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා වාර්තා කළේය. පළමුවෙන් දරුවන් දෙදෙනා බේරා ගන්නා ලෙස යානයේ නියමුවා සහන සේවකයන්ට පවසා ඇති බව ද වාර්තා වේ. ගුවන් යානය අනතුරට පත්වූයේ කෙසේදැයි සෙවීමේ පරීක්ෂණ දිගටම පැවැත්වේ.

සිඞ්නි නුවරදීය (ඒ.එෆ්.පී.)
ගුවන් යානය කතුරු ඔංචිල්ලාවේ පැටලී ඇති අයුරු.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා ගුවන් යානයක් කතුරු ඔංචිල්ලාවක පැටළිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site