ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ්, කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත‍්‍රණයක් සිදුවන බවට රාවයක් පැතිර යයි. දැනට රටේ පාලනය පවත්වාගෙන යෑමට තමන් තරම් සුදුස්සකු නැතැයි, එම කටකතාවලට ප‍්‍රතිචාර දක්වමින් අගමැතිනී ගිලාඞ් ඊයේ (19) මාධ්‍ය හමුවේ අදහස් දැක්වමින් කියා සිටියාය. පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ගිලාඞ් ඉවත් කළහොත් ඇයට අගමැති ධුරය ද අහිමි වේ. එසේ වුවහොත් ඕස්ටේ‍්‍රලියාවේ මීළඟ අගමැති වන්නේ කම්කරු පක්ෂයේ නව නායකයාය. අගමැතිනි ගිලාඞ්ට එරෙහි කුමන්ත‍්‍රණය පසුපස විදේශ ඇමැති කෙවින් රඞ් සිටින බවට ද ආරංචි පළ වී ඇත. කෙවිඞ් රඞ් ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අගමැතිවරයාය. ඔහුට අගමැති ධුරයත් කම්කරු පක්ෂ නායකත්වයත් අහිමි වූයේ 2010 වසරේදී ඔහුට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත‍්‍රණයක් සහ කැරැල්ලක් හට ගැනීම නිසාය. එම කුමන්ත‍්‍රණය මෙහෙයවූයේ ජුලියා ගිලාඞ්ය. මෙතෙක් පැවැති ජනමත සමීක්ෂණ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ‘කොන්සවර්ටිව්’ පක්ෂයට වැඩි වාසි අත්වන බව පෙනී ගොස් ඇත. ‘කොන්සවර්ටිව්’ පක්ෂයට අභියෝග කිරීමට නම්, කම්කරු පක්ෂයට ජුලියා ගිලාඞ් හැර වෙනත් නායකයකු සිටිය යුතු බව රජයේ මන්තී‍්‍රවරයකු ද පවසා ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට එරෙහිව කුමන්ත‍්‍රණයක්?