IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවේ 4,000 කට වැඩි පිරිසක් නිරෝධායනයට

නව කොරෝනා වයිරස පොකුරු ඇති වීමේ අවදානම සලකා බලමින් 4,000කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද (17) පියවර ගත්හ.

ඇතිව තිබෙන අවදානම් තත්ත්වය සලකා බලමින් මහ පරිමාණයෙන් වයිරස ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ කිරීමට ද ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත.

නව කොරෝනා වයිරස ආසාදිතයන් 21 දෙනකු හඳුනාගැනීම හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ නීති නැවත පැනවීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ඊයේ (16) පියවර ගත් අතර දින නවයකට පසු ඔස්ට්‍රේලියාවෙන්, රට තුළින් වයිරස ආසාදිතයන් හමු වූ පළමු අවස්ථාව එය විය. අවසන් පැය 24 දී කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී වයිරස ආසාදිතයන් පස්දෙනකු හඳුනාගත් බවත් තවත් 14 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන බවත් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධානී ස්ටීවන් මාර්ෂල් පැවැසීය. තවත් පිරිසකගේ පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බව ද හෙතෙම කීය.

‘‘අපි ඉන්නේ හොඳ තත්ත්වයක නෙවෙයි. අපි ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක ඉන්නේ. ඇත්තම කිව්වොත් අපි ඉන්නේ එහි මුල් අදියරේ’’ යැයි ඇඩිලේඩ්හිදී මාධ්‍යවේදීන් අමතමින් ස්ටීවන් මාර්ෂල් කීය.

.එෆ්.පී./රොයිටර්

055 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ 4,000 කට වැඩි පිරිසක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site