IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවේ යපස් ව්‍යාපෘතියක් නිසා වසර 46 000ක් පැරණි ගුහා සමූහයක් විනාශ වෙයි

ඕස්ට්‍රේලියාවේ බටහිර පිල්බරා ක්ලාපයේ යපස් ව්‍යාපෘතියක් සිදුකිරීමේ දී වසර 46 000 ක් පමණ පැරණි ආදිවාසී ගුහා සමූහයක් විනාශ වී ඇත.
 
ජුකාන් ගෝර්ජ් නම් ගුහා සමූහයක් මෙලෙස විනාශ වී ඇති අතර මේ සම්බන්දව ව්‍යාපෘතිය සිදුකළ රියෝ ටින්ටෝ සමාගම ප්‍රදේශයේ වෙසෙන ආදිවාසී ජනතාවගෙන් සමාව අයැද තිබේ.

මෙම පෞරාණික ස්ථාන‍යෙන් ප්‍රාග් ඓතිහාසික පුරා වස්තු විශාල ප්‍රමාණයක් ද හමුවී තිබිණ.
 
එහි තිබී මිනිස් හිසකෙස් වලින් සාදන ලද පටියක් ද සොයාගත් අතර සිදුකරන ලද විශ්ලේෂණ මගින් තහවුරු කරගෙන ඇත්තේ ගුහා වාසීන් හා දැනට ප්‍රදේශයේ ජීවත් වන ආදිවාසීන් අතර අවුරුදු 4000ක පමණ දුරකට විහිදෙන සබඳතා තිබී ඇති බවයි.
ආදිවාසී නියෝජිත ජෝන් ඇෂ්බර්ටන් පැවසූයේ භූමිය අහිමි වීම දැවැන්ත පාඩුවක් බවයි. "ඕස්ට්‍රේලියාවේ මෙතරම් පැරණි ගුහා තිබෙන්නේ ඉතා සීමිත සංඛ්‍යාවක්.

එහි වැදගත්කම අවතක්සේරු කළ නොහැකියි. මෙම පාෂාණ ගුහා විනාශ වීම සම්බන්දව අපගේ ජනතාව දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. අපගේ මුතුන් මිත්තන්ට සහ භූමියට ඇති සම්බන්දය නැතිවීම ගැන ඔවුන් දුක් වෙනවා." යැයි ඔහු පැවසීය.
 
"අප විසින් ඇති කරන ලද පීඩාව ගැන අපට කණගාටුයිපුතු කුනුති කුරුමා සහ පිනිකුරා ජනතාව වෙත අපගේ ගෞරවය පුද කරන්නෙමු. ඔවුන් සමග සහයෝගයෙන් දිගටම කටයුතු කිරීමටත් අපගේ සැලසුම් සමාලෝචනය කිරීමටත් කටයුතු කරමු."
 
යැයි එහිදී අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක ක්‍රිස් සාලිසිබරි පවසා ඇත.
ආදිවාසියෙකු ද වන ඕස්ට්‍රේලියානු ස්වදේශික කටයුතු අමාත්‍ය කෙන් වියාට් පැවසූයේ මෙය තේරුම්ගත නොහැකි දෙයක් බවයි. එය බරපතල වැරැද්දක් බවත් රජයේ නීති අසාර්ථක වී ඇති බවත් ඔහු පැවසීය.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ යපස් ව්‍යාපෘතියක් නිසා වසර 46 000ක් පැරණි ගුහා සමූහයක් විනාශ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site