IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ ගංවතුර ඇතිවීමේ අවදානමක්

ලැව්ගිනි හේතුවෙන් මහත් ව්‍යසනයක් සිදුවූ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රාන්තයන්හි සමහර ප්‍රදේශවලට මේ වනවිට මහවැසි ඇද හැලෙමින් පවතින අතර ගංවතුර ඇතිවීමේ අවදානමක් ද මතුව ඇතැයි වාර්තා වේ.

නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්ත සහ වික්ටෝරියා ප්‍රාන්ත වලට මෙලෙස වැසි ඇද හැලෙන බව සඳහන් වන අතර ලැව්ගිනි වලින් වැඩිම හානිය සිදුවූයේ ද එම ප්‍රාන්ත වලටය.

ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශ වල විදුලිය ඇණහිටීම් ද වාර්තා වෙයි.

ගිනි නිවන අංශ සඳහන් කරන්නේ වැසි සහින කාළගුණයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඉතිරි ලැව්ගිනි මැඩපැවැත්වීමට උත්සාහ දරන බවයි.

තවමත් වැසි ඇද නොහැලුනු කැංගරු දූපත ඇතුළු ඕස්ට්‍රේලියාවේ දකුණු සහ ගිනිකොන දිග ප්‍රදේශ වල තවමත් ලැව්ගිනි පැතිරෙමින් පවතින බව වාර්තා වේ.


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ ගංවතුර ඇතිවීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 558 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site