IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනසක්

 


ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර නව සංස්කරණය සහිත ගීතය අද (01) සිට ගායනා කරන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි.
 
මෙම වෙනස්කම් මගින් එක්සත් කමේ හැඟීමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

බ්‍රිතාන්‍ය විසින් ඕස්ට්‍රේලියාව යටත් කර ගැනීමට පෙර ස්වදේශීක ජනතාව බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ බවත් රටේ දිගුකාලීන දේශීය ඉතිහාසය පිළිබිඹු කිරීමේ උත්සාහයක් ලෙස මෙම වෙනස සිදුකරන බවත් රජය පවසයි.

මේ අනුව එරට ජාතික ගීයේ “ "For we are young and free" කොටස, "For we are one and free" ලෙස වෙනස් කර තිබේ.

"එය ජාතියක් ලෙස අප ගමන් කර ඇති දුර පිළිබිඹු කරයි. අප ජාතියේ කථාව භාෂා කණ්ඩායම් 300කට වැඩි ගණනකින් උපුටා ගත් බවත් එය පෘථිවියේ වඩාත්ම සාර්ථක හා බහු සංස්කෘතික ජාතිය බවත් ජාතික ගීය මගින් පිළිබිඹු විය යුතුය." යනුවෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසීය.

මෑත වසර වලදී ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික හා දේශපාලන උත්සව වලදී දේශීය ඉතිහාසය පිළිබිඹු කිරීමට වැඩි උත්සාහයක් ගෙන තිබේ.

දෙසැම්බර් මාසයේදී ප්‍රථම වතාවට, ජාතික කණ්ඩායමේ රග්බි ක්‍රීඩකයෝ ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කිරීමට පෙර, ස්වදේශීය භාෂාවක් වන ඊරා ජාතියේ භාෂාවෙන් ඕස්ට්‍රේලියානු ජාතික ගීය ගායනා කළහ.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (2)

ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනසක්

Yohan Somasun dara Borella Saturday, 02 January 2021 02:52 AM

ඔන්න ඔක්සිජන් හුස්ම ගන්න මිනිස්සු.

:       0       0

Damith Monday, 04 January 2021 12:59 PM

ඉතින් අපිට මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site