IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඕස්ටේ‍්‍රලියාවට ලැව් ගිනි තර්ජන

 ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ රැසක් පුරා පැතිර යන ලැව් ගිනි පාලනය කිරීමට, එරට ගිනි නිවන භටයෝ ඊයේ (20) දිනයේ ද යුහුසුළුව කටයුතු කළහ.

මේ වනවිට ගින්නට හසුවීමෙන් නිවස 300 කට වැඩි ප‍්‍රමාණයක් සහ වගාබිම් රැසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වාර්තා කර ඇත.
වසර 40 කට පසු රටේ හටගත් දරුණු ලැව් ගිනි තත්ත්වය මෙය යැයි ද පැවැසෙයි. ලැව් ගිනි හටගත්තේ ඉකුත් සිකුරාදා සවසය.

ගින්න නිවා දැමීමට උත්සහ කළ ගිනි නිවන භටයන් 17 දෙනකු ද පිළිස්සුම් තුවාල ලබා, රෝහල් ගත කර ඇතැයි ද පැවැසෙයි. උණුසුම් වියලි කාලගුණය ගින්න පැතිර යෑමට හේතුවක් වී ඇති බවත් එය පාලනය කිරීමට අසීරු වී ඇති බවත් ගිනි නිවන භටයෝ පවසති.

 ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබොට් ඊයේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයට ගොස්, ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් හමු වූයේය.
ලැව් ගිනි නිවා දැමීමට, ජලය රැගෙන යන ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ද යොදා ගැනෙන බව ගිනි නිවන භටයෝ අගමැතිවරයාට පැවැසූහ.


 

ගින්නට හසුවීමෙන් විනාශ වූ නිවාස සහ මෝටර් රථ
 
 ඕස්ටේ‍්‍රලියා අගමැති ටෝනි ඇබට් (වමේ*, ගිනි භට ප‍්‍රධානීන් හමුවී සාකච්ඡුා කරමින්

 



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවට ලැව් ගිනි තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site