ඕස්ට්රේලියාව පිළිකා රෝගයෙන් වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් වුවත් එරට පුරවැසියන්ගේ ආයු කාලය ඉහළ මට්ටමක පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.
ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ නව වාර්තාවකට අනුව එම සංවිධානයේ රටවල් අතර දෙවැනි ඉහළ පිළිකා අවදානමක් පවතින රට බවට ඕස්ට්‍රේලියාව පත්ව ඇත.
එය ඩෙන්මාර්කයට පමණක් දෙවැනි වන අතර සාමාජික රටවල්වල ප්‍රධාන සෞඛ්‍ය දර්ශකයන් සැසඳීමෙන් මෙම වාර්තාව සකසා ඇත.
මෙවැනි ආකාරයට ඉහළ මට්ටමක පිළිකා අවදානමක් ඔවුන්ගේ ආයු අපේක්ෂාව සාමාන්‍ය ඉහළ මට්ටමක පැවතීමට අවශ්‍ය ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇත.
පිළිකා අවදානමට අමතරව ස්ථුලතාව හා අධික බර ද ඕස්ට්‍රේලියන් ජාතිකයන්ගේ ජීවිත අවදානමට ලක්කරන රෝග වේ.
ඕස්ට්‍රේලියානුවන්ගේ උපතේදී ආයු අපේක්ෂාව වර්ෂ 82.5 කි.
ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ රටවල්වල සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 80.6 ක් වන අතර ඕස්ට්‍රේලියාව සංවිධානයේ රටවල් අතර හයවැනි ස්ථානයේ පසුවේ.
ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් අතරින් පිරිමි පාර්ශ්වය අධික බර හා තරබාරුකමෙන් පෙළෙන අතර එහිදී ඕස්‍ට්‍රේලියාව අමෙරිකාවට සහ චිලී දේශයට පමණක් පසුපසින් සිටියි.
ඕස්ට්‍රේලියා ජාතිකයන් දෛනිකව දුම් පානය කරන අයගේ අනුපාතය 12% කි.
(63226 )
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රේලියානුවන් පිළිකාවෙන් පීඩා වින්දත් වැඩි ආයු අපේක්ෂාවක්