IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඕනෑම වෙලාවට සල්ලි ලැබේ

පරාජිත පෙම්වතකුගේ ඇසිට් ප්‍රහාරයට ලක්වී මුහුණ විරූපී වූ ඇයගේ නම සොනාලි මුකර්ජී වේ. සැත්කමට මුදල් නැතිව ළතැවෙද්දී එරට රූපවාහිනී තරගයකින් රුපියල් විසි ලක්ෂයක් දිණුවාය.

ඇය දෙස බලන තැනැත්තෙකුට සිය මවිතය සගවාගැනීමට අපහසු වන්නේ ඇයගේ මුහුණ සම්පූර්ණයෙන්ම පාහේ පිළිස්සී ඇති හෙයිනි.ඒ මිීට වසර කිහිපයකට පෙර ඇයට එල්ලවී තිඛෙන ඇසිඩ් ප්‍රහාරයක් නිසාය.සොනාලි පවසන ආකාරයට ඇයගේ අතපතා පැමිණියෙකු  ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් කෝපයට පත් වූ ඔහු සිය මිතුරන් සමග එකතුව ඇයට ඇසිඩ් ගසා ඇත.ඇය සහ ඇගේ දෙමව්පියන් අධිකරණයේ පිහිට පැතුවද විත්තිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමටවත් නිීතිය අපොහොසත් වී ඇත.ඒ විත්තිකරුවන්ට ලැබුණු දඩුවම කෙටි කාලීන සිර දඩුවමක් පමණක් වීම නිසාවෙනි.

සිය ස්වරූපය යථා තත්ත්වයට පත් කරගැනීමට සොනාලි ප්ලාසිටික් සැත්කම් වල පිහිට පතා ඇත.එයද හරිහැටි සිදුකරගැනීමට නොහැකි වී ඇත්තේ ඒ සදහා වන වියදම පවුලේ අයට දැරිය නොහැකි තරම් වීම නිසාය. ඉච්ඡා භංගත්වයට පත්වී සියදිවි නසාගැනීමට සොනාලි උත්සාහ කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.කෙසේ හෝ එක් වටයක ප්ලාස්ටික් සැත්කම් මාලාවක් සම්පූර්ණ කර ඊළග පියවර කරා යෑමට මුදල් අපහසුතා නිසා නොහැකිව සිටි අවස්ථාවකදී ඇය මේ වැඩසටහනට අයැදුම් කර තිබේ.

වැඩසටහන මෙහෙයවූ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සොනාලිගේ ජයග්‍රහණයෙන් පසු ඇයට සුභ පතමින්  ඇය මුලු මහත් ඉන්දීය ජනතාවටම ආදර්ශයක් බව පැවසීය.හිත ඇත්නම් පත කුඩාද යන්නට ඇය කදිම ආදර්ශයක් සපයන බවද හෙතෙම කීය.

ඇසිඩ් ප්‍රහාරය නිසා සොනාලිට අහිමිවී ඇත්තේ මුහුණ පමණක් නොවේ.ඇයගේ එක් ඇසක් හරි හැටි නොපෙනෙන අතර ශ්‍රවණේන්ද්‍රියන්ටද හානි වී ඇත.ඒ සියලූ බාධා මැඩගෙන හෙට දිනයේ ජීවිතය ජය ගැනීමේ අරමුණින් ඇය සිටින්නීය.ඒ සදහා මේ ජයග්‍රහණය ඇයට මහගු රුකුලක්ම වනු ඇත.



අදහස් (0)

ඕනෑම වෙලාවට සල්ලි ලැබේ

මුතුකුඩ Tuesday, 25 December 2012 02:34 PM

ඇත්තෙන්ම ඔබ පරාජිත වී නැත. ඔබට අනාගතයට මුහුණ දීමට තවතවත් ශක්තිය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 December 2012 07:17 AM

දෙවියන්ට ස්තූතියි. (නි)

:       0       0

චින්තක Wednesday, 26 December 2012 08:09 AM

මෙවැනි තිරිසන් වැඩකරන මිනිසුන්ට කිසිදා සමාවක් නොදිය යුතුයි කිසිම දවසක ජීවිතයෙන් පරාජ වෙන්න එපා හැමදේම වෙන්නේ මිනිසාටනේ ඔබගේ ජීවිතය සාර්ථක වේවා ඔබට ලස්සන අනාගතයක් හෙට උදාවනු ඇත සොයුරියේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17817 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site