ඔස්ට්‍රේලියාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහයෝගය හිමිවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඉකුත් දා නැවත වරක් තහවුරු කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව අතර මිත්‍ර සම්බන්ධතා ඇති කරගෙන වසර 70ක් පිරීම නිමිත්තෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඒ බව ප්‍රකාශ කළේය.
චීනයෙන් එල්ල වන ආර්ථික බලපෑම හමුවේ ඔස්ට්‍රේලියාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කීය.
ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරීස් පේන් සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම කරුණු සඳහන් කළේය.
“චීනය කරන ආර්ථික බලපෑම හමුවේ, එක්සත් ජනපදය මේ අවස්ථාවේදී ඔස්ට්‍රේලියාව තනි නොකරන බව මම නැවත නැවතත් කියා සිටිනවා. මිත්‍ර රාජ්‍යයන් කටයුතු කරන්නනේ එහෙම” යැයි ඇන්තනි බ්ලින්කන් පැවැසීය.
“දශක ගණනාවක් තිස්සේ ඉන්දු ශාන්තිකර කලාපයේ සාමය, සුරක්ෂිතභාවය, සහ ස්ථාවරත්වයට හේතු වුණේ ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති බිඳ හෙළන්න බැරි ශක්තිමත් මිත්‍රත්වය” යැයි ද හෙතෙම කීය.
කරුණු රැසක් මුල් කරගනිමින් චීනය සහ ඔස්ට්‍රේලියාව අතර මතභේද මේ වනවිට උත්සන්න වී තිබේ.
තායිවානය සහ චීනය අතර හමුදා අර්බුදයක් ඇති වූ අවස්ථාවක ඔස්ට්‍රේලියාව ඊට මැදිහත් වුවහොත් ඔස්ට්‍රේලියාවට බැලැස්ටික් මිසයිලයක් එවන බව චීන රාජ්‍ය මාධ්‍ය ඉකුත් දිනෙක වාර්තා කර තිබිණි. මෙම ප්‍රවෘත්තිය දෙරට අතර මතභේද උග්‍ර වීමට ප්‍රධාන හේතුවක් විය.
චීන-ඔස්ට්‍රේලියා උපයාමාර්ගික ආර්ථික සංවාදය යටතේ ඇති සියලු ක්‍රියාකාරකම් අත්හිටුවීමට චීනය පසුගිය සතියේ දී පියවර ගත්තේ ය.
මෙම සංවාදය ආරම්භ කරන ලද්දේ 2014 වසරේ වන අතර අවසන් වරට කැඳවා ඇත්තේ 2017 වසරේ දී ය.
ඔස්ට්‍රේලියාව මතභේදාත්මක ‘මාවතක් සහ තීරයක්’ (බෙල්ට් ඇන්ඩ් රෝඩ්) ගිවිසුමෙන් ඉවත් වීමෙන් සති කිහිපයකට පසු චීනය එලෙස එම සංවාදයෙන් ඉවත් විය.
චීනය සමඟ ඵලදායී සම්බන්ධතාවක් ඇති කරගැනීමට උත්සාහ ගන්නා බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය කීවා ය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔස්ට්‍රේලියාව තනි කරන්නේ නෑ