IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඔලිම්පික් පහන පුටින් මුහුණ රතු කරයි

අසහාය නායකයෙකු ලෙස නම් දරා සිටින රුසියාවේ ජනපති ව්ලැදිමිීර් පුටීන්ටත් පසුගියදා අකරතැබ්බයක් සිදුවිය.

මේ දිනවල රුසියාවේ ඇති ඔලිම්පික් පන්දම නිල වශයෙන් දැල්වීම සිදුවූයේ මොස්කව්හි රතු චතුරස‍්‍රයේදීය.පන්දම දැල්වීමේ භාග්‍යය හිමිවූයේ ජනපති පූටින්ටය.

දල්වන ලද පන්දම රැගත් ධාවකයා ජනපතිවරයා ඇතුළු රතු චතුරස‍්‍රයට රැස්ව සිටි සම්භාවනීය අමුත්තන්ට සමුදී ඉවත්ව යෑමට සැරසෙනවාත් සමගම සිදුවූයේ කිසිවෙකුත් නොසිතූ පරිදි පන්දම නිවී යාමය.

ජනපති පුටීන් විළියෙන් රත් පැහැ ගැන්වෙනු සියල්ලන්ටම හොදින් දැක බලා ගත හැකි විය.

අවසන ධාවකයා ජනපති ආරක්ෂක අංශයේ නිළධාරියෙකුගෙන් ඉල්ලා ගත් දුම්වැටි දල්වනයකින් පන්දම දල්වාගෙන ඉවත්ව යනු දැකගත හැකි විය.

පසුව කළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ පන්දමේ වායු මුද්‍රාවකට හානි සිදුවී තිබීමෙන් මෙසේ දැල්ල නිවී ගොස් ඇති බවය.

ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ප්‍රථම ඔලිම්පික් පන්දම ලොව වටා සංචාරය කරවීම සිදුකෙරේ.

 



අදහස් (0)

ඔලිම්පික් පහන පුටින් මුහුණ රතු කරයි

මන්සිල් නෙදර්ලන්තය Monday, 07 October 2013 10:23 PM

මේවා ඔපා දුප විතරයි . සැබෑවට සිදුවන ඒවා නොවේ. සමහරු ඇමරිකාවට බටහිර රටවලට කඩේ යනවා. සමහරු රුසියාව චීනයට කඩේ යනවා . අපේ රටට කඩේ යන්න අපේ එකෙක් වත් නැහැ වගේ (නදී)

:       0       0

ලුම්බිණි Monday, 07 October 2013 03:09 PM

අධිරාජ්‍ය වාදීන්ගේ වැඩක් වත්ද? (ස)

:       0       0

චාමර Monday, 07 October 2013 03:45 PM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්........ (ස)

:       0       0

විජිත Monday, 07 October 2013 04:10 PM

මේ සුරංගනා කතා ... (ස)

:       0       0

කුමාර් Monday, 07 October 2013 04:31 PM

ඇයි ඒක රුසියන් පැසිස්ට් වාදීන්ගේ වැඩක් වෙන්න බැරිද??? (ස)

:       0       0

දසුනි Tuesday, 08 October 2013 01:33 AM

ඒක නම් වෙන්න බැරි වැඩක්. (නි)

:       0       0

ධම්ම Monday, 07 October 2013 05:58 PM

අපේ රාජකීය දෛවඥයාගෙන් වෙලාවක් බලලා පත්තු කලානම් වේරම්භ වාතය ආවත් නිවෙන්නේ නැහැ..(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 06:52 PM

ඕකනේ පුටින් පන්දම් අල්ලන්න හැම තැනම යන්නේ නැත්තේ?.(නදී)

:       0       0

පෙරේරා Monday, 07 October 2013 07:15 PM

රුසියාව කියන්නේ තමන්ගේ රට...පාට රත...නායකයාගේ මුන රතු උනා නම් ඒකත් මංගල කරුණක්..(නදී)

:       0       0

අඩිමන් Monday, 07 October 2013 09:31 PM

‍මේකට හේතුව ලංකාවේ අධිරාජ්‍යවාදීන්ගෙන් අහලා බැලුවොත් නරකද?(නදී);

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site