ජනාධිපති සටනින්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත් වී, වෙනත් සුදුස්සකු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
බැරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයාය. ඔබාමා ජනාධිපති ධුරය හෙබවූයේ 2009 සිට 2017 තෙක් කාලයේය. එම කාලයේ ඔබාමා සිය දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ද තෝරා ගත්තේ ජෝ බයිඩන්ය.
ජෝ බයිඩන් පළමු වරට 2021 දී ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වෙද්දී, ඔහුට සහාය පළ කළේ ඔබාමාය. කෙසේ නමුත්, එලැඹෙන නොවැම්බර් 5 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යැයි ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනකුගේ විශ්වාසය වී ඇති අතර, ඔබාමා ද ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ බයිඩන් ජනාධිපති සටනින් ඉවත් වන්නේ නම්, එය නුවණැති ක්‍රියාවක් වනු ඇති බවය.
බයිඩන්ට ගැටලුවක් වී ඇත්තේ ඔහුගේ වයසය. 81 හැවිරිදි බයිඩන්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයා ද වෙයි. වයස නිසා බයිඩන්ට තීන්දු තීරණ ගැනීමේදීත්, අදහස් ප්‍රකාශ කිරීමේදීත් බාධා එල්ල වී ඇත. මෙය ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට වාසියක් වී ඇත.
ප්‍රතිවාදී ට්‍රම්ප් පරාජය කිරීමට තමන්ට හැකි යැයි බයිඩන් දිගින් දිගටම පැවැසුවත්, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනාගේ මතය වී ඇත්තේ, බයිඩන් වෙනුවනට තරුණ ජනාධිපති ධුර අපේක්ෂකයකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඔබාමා බයිඩන්ට ඉවත් වෙන්නැයි කියයි