IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ මර්දන එන්නතට අද (30) බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවිය.


ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම නිෂ්පාදනය කළ එන්නතට අවසර දුන් පළමු රට වන්නේ ද බ්‍රිතාන්‍යයි. දකුණු දිග එංගලන්තයෙන් වාර්තා වූ නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වෙමින් තිබේ.


ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනකා එන්නතෙන් ද ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම සඳහා මාත්‍රා දෙකක් ලබා දිය යුතු ය. හදිසි සැපයීම යටතේ මෙම එන්නතට අනුමැතිය හිමිවිය.


බ්‍රිතාන්‍ය දැනටමත් මෙම එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර ඇත.


‘‘ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිත කිරීම සඳහා ඖෂධ සහ සුව සේවා නිෂ්පාදන නියාමන අධිකාරියේ අනුමැතිය රජයට හිමිවුණා’’ යැයි බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.


බ්‍රිතාන්‍ය දැනටමත් ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්විය එරට ජනතාවට ලබාදීම ආරම්භ කර තිබේ. මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු බටහිර රට වන්නේ ද බ්‍රිතාන්‍යයි.
 
රොයිටර්
 
055 



අදහස් (0)

ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 389 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site