IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එ.ජා. වාර්තාව සකසා තිබෙන්නේ බටහිර රටවලට වාසි වෙන්න

සිරියාවේ ඉකුත් අගෝස්තු මස 21 වැනිදා සිදුවුණ ‘සෙරීන්’ විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම සැකැසූ වාර්තාව ඒක පාර්ශ්වයීය වාර්තාවක් බවටත් එය සකසා ඇත්තේ සිරියානු රජයට විරෝධය පළ කරන බටහිර රටවලට ‘වාසි’ ගෙන දෙන අන්දමින් බවටත් රුසියාව චෝදනා කරයි.

සිරියාවේ සිදුවුණු එම රසායනික අවි ප‍්‍රහාරය, සෙරීන් විස වායු ප‍්‍රහාරයක් යැයි එම වාර්තාවෙන් ලොවට තහවුරු විය.

එම අවස්ථාවේදී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඇතුළු බටහිර බලවතුන් කීවේ, ඔවුන් පෙර කළ නිගමන නිවැරදි බවත්, එම ප‍්‍රහාරයට සිරියානු රජය සම්බන්ධ බවත් තහවුරු වී ඇති බවත්ය.

මැදපෙරදිග කලාපයේ විශාලතම සේරීන් විස වායු අවි තොගය ඇත්තේ සිරියානු රජය සතුවය. එමණක් නොව, සිරියානු රජය පෙරැුළීමට සටන් වදින කැරැුලිකාර පාර්ශ්වය සතුව ද සෙරීන් විස වායුව ද ඇතුළුව රසායනික අවි ඇති බව හෙළි වී තිබේ.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම එම වාර්තාව එළිදැක්වූයේ සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡුා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සාකච්ඡා කරගත් අවස්ථාවකදීය.

 



අදහස් (0)

එ.ජා. වාර්තාව සකසා තිබෙන්නේ බටහිර රටවලට වාසි වෙන්න

මහේන්ද්‍ර Thursday, 19 September 2013 01:32 PM

දැන් ඇමෙරිකාව සිරියාවට කිවුවනේ රසායනික අවි භාර දෙන්න කියලා.එතකොට ඇයි කැරලිකාරයින්ට තියෙන රසායන අවි භාර දෙන්න නොකියන්නේ? (නි)

:       0       0

කුමාර රෝමය Thursday, 19 September 2013 01:41 AM

ඇමෙරිකාව, එන්ගලන්තය,ප්‍රංශය හැදුවේ සිරියාවේ හමුදා බලය බිදින්න ඊශ්‍රායලයේ වුවමනාවට.රුසියාව මැදිහත් වීමෙන් ඒක වැළකුනා. නමුත් සිරියාවේ ප්‍රජාතන්තවාදය ස්ථාපනය කරන්න ඕනෑ.ඉස්ලාම් ධර්මේ හැටියට ගෑනුන්ට ඡන්ද බලය බැහැ (නි)

:       0       0

දම්මික පෙරේරා Thursday, 19 September 2013 10:52 PM

කවුරුත් කහින්නේ සුදු හමට. හැමෝ සිතන්නේ සුදු හම තියෙන රටවලට යන්න. එම රටවලට යටත් වන්න. ඔවුන්ගේ පාලනය යටතේ ඉන්න . කළු සුද්දන් වීමට බොහෝ දෙනෙක් කැමති මෙන්ම අප රටේ බොහෝ කළු සුද්දන් සිටති . එම නිසා ඇමරිකාව හෝ බටහිර ලෝකය කියන ඕනෙම බොරුවක් පිළිගන්න සුදානම්. ඔවුන් වර්චස් කලත් එය සුවදයි කියන කොටස් අප අතරේ ඉන්නේ.(නදී)

:       0       0

උපාලි Thursday, 19 September 2013 09:42 AM

භයානක සටනකදී භයානකකමින් අඩු පැත්ත ජයගත්තොත් තමයි හොඳ. ඇමෙරිකාව මේ විදිහට "මැදිහත්" වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවයි කියපු ඉරාකයේ, ලිබියාවේ, ඊජිප්තුවේ සිද්ද වුණ දේ බැලුවාම මෙතැනදී වැඩිය භයානක් කොයි පැත්තද කියන එක තීරණය කරන්න අමාරු නැහැ. රුසියාවටයි චීනේටයි කොයිතරම් දුරට ඇමෙරිකානු 'ආක්‍රමණය' වළක්වා ගන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ. ඒ මොකද, ආරකෂක මණ්ඩලය කියන දේවත් ඇමෙරිකාව පිළිගන්නේ නැහැනේ. (නි)

:       0       0

කුමාරන Thursday, 19 September 2013 07:44 PM

මට නම් ඔය ඇමරිකාව,සිරියාව සහ සිරියාව වගේ ඉන්න අනික් රටවලුත් දෙකොට්ඨාශයම කැහි ගැහැනිය සහ හොටු ගැහැනිය වගෙයි.එනිසා හොඳම වැඩේ එයාලා කියන විදියට දෙයියන්ගෙ කැමැත්තට ඉඩ ඇරලා ඉන්න එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site