IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එළවළු ගොවියෝ මහ පාරේ

තම ජීවන තත්වය පහළ වැටිම ගැන විරෝධතා දැක්වු ප්‍රංශ එලවළු ගොවියෝ බ්‍රිටේනි හි මෝර්ලෙක්ස් නගරයේ ආදායම් බදු හා රක්ෂණ කාර්යාලවලට ගිනි තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රැක්ටර් වලින් රැගෙන ආ අල, සූරියකාන්ත, මල්ගෝවා සහ පොහොර නගරයේ වීදි වල ගොඩගසා දමා තිබේ. පසුව එහි අවට ඇති ගොඩනැගිලි වල ජනෙල් පොඩිපට්ටම් කර තිබෙන බවද  පොලීසිය කියයි.

මෙම ගිනි නිවාදැමීමට ආ ගිනි නිවන භටයන්ට විරෝධතා කරුවන් ඉඩ නොදීම ගැන ප්‍රංශ අගමැති වරයා දොස් පවරා ඇත.

ගොවීන් පවසන්නේ තම නිෂ්පාදනවල මිල පහත වැටීම තමනට දරා ගත නොහැකි බවයි.

යුක්රේන අර්බුධය හේතුවෙන් ඇතැම් බටහිර භාණ්ඩ ගෙන්වීමට රුසියාව විසින් සම්බාධක පැනවීම හේතුවෙන් තම ප්‍රධාන අපනයන වෙලඳ පොල අහිමිවී ඇතැයි ගොවිහු පවසති.

ගොවින් 100ක් පමණ රාත්‍රිය පුරා රක්ෂණ ගොඩනැගිල්ලට පහර දී පසුව එයට  ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

අනතුරුව තම ට්‍රැක්ටර් නගරයේ ප්‍රධාන ආදායම් බදු කාර්යාලය වෙතට පදවාගෙන ගොස් එහි එලවළු ගොඩ ගසා දමා ගොඩනැගිල්ලේ ජනෙල් කඩා බිඳ දමා එම ගොඩනැගිල්ලට ගිනි තබා ඇත.

ප්‍රංශ මාධ්‍ය වාර්තා දක්වන්නේ පසුව ගොවීන් විසින් මොර්ලෙක්ස් හි කාර්යය බහුලත්වයෙන් හෙබි  මාර්ගය දෙපසින්ම අවහිර කර බවයි.

නිවේදනයක් නිකුත් කරණ අග්‍රාමාත්‍ය වරයා පවසා ඇත්තේ කොල්ලකෑම් හා ගිනිතබා විනාශ කිරීම් තමන් දැඩි ලෙස හෙලා දකින බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රචණ්ඩත්වය සාධාරණ නොවන බවත් අපරාධකරුවන්ට නීතිය මගින් දඩුවම් ලබා දෙන බවත්ය.



අදහස් (0)

එළවළු ගොවියෝ මහ පාරේ

චමින්ද Saturday, 20 September 2014 08:52 PM

රුසියානු/යුක්රේන් අර්බුදය බටහිර රටවල අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා දැන් ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත්වෙලා. එයට හේතුව රුසියාවට විරුද්ධවූ බටහිර රටවල් වලින් භාණ්ඩ ගැනීම විශාල ලෙස නවතා,එම සියලුම භාණ්ඩ ඇනවුම් රුසියාවට හිතවත් රටවලට ලබාදීමයි. මෙහි වටිනාකම ඩොලර් බිලියන ගණනක් වේ. ආනයනය නවතා දැමු රටවල් අතරට ඇමරිකාව,ප්‍රංශය,ජපානය,ඕස්ට්‍රේලියාව, එංගලන්තය,දකුණු කොරියාව යන රටවල්ද අයත්වේ.මේ ක්‍රියාවෙන් පහර වැදුනේ එම රටවල තම භාණ්ඩ රුසියාවට අපනයනය කිරීමෙන් ජීවිකාව කරගෙන ගිය ගොවීන්ටය.ගොවීන්ගේ මේ විරෝධතාවය මා දකින විදියට නම් සාධාරණය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site