IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එවරස්ට් කන්ද නගින ගණන බහී

එවරස්ට් කඳුමුදුන තරණය කරන්නන් රජයට ගෙවිය යුතු වන සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හරින්නට නේපාල රජය සැරැසේ.

ඒ අනුව පෙර පුද්ගලයෙකුගෙන් අය කළ පවුම් 15000 ක (රුපියල් 3300000) මුදල වෙනුවට දැන් පුද්ගලයෙකුගෙන් අයකෙරෙනු ඇත්තේ පවුම් 6000 ක් (රුපියල් 1320000) වැනි මුදලකි.

පෙරදී විශාල මුදල් ප්‍රමාණයක් අය කළත් කණ්ඩායම් ලෙසින් පැමිණෙන්නන්ට සහන ලබා දීමට නේපාල බළධාරීහු කටයුතු කළහ.නමුත් නව සංශෝධනයන්ට අනුව කණ්ඩායම් ලෙසින් පැමිණියද එක් එක් පුද්ගලයා පවුම් 6000 බැගින් (රුපියල් 1320000) එවරස්ට් කදුමුදුණ තරණය කිරීම වෙනුවෙන් ගෙවිය යුතුම වේ.

මෙවන් පියවරක් ගනු ලැබූයේ නේපාලයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව බළධාරීහු කියති.

බලධාරීන්ගේ මේ තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ හා ප්‍රවීණ කදුතරණය කරන්නන්ගේ මනාපයක් නොමැත.සංචාරකයින් කොතෙකුත් පැමිණීම නිසා දුූෂිත වී ඇති එවරස්ට් කදු මුදුනේ පරිසරය නැවත සකස් වීමට කාලය දිය යුතුව ඇතැයි ඔවුන්ගේ අදහසයි.

පොලිතින් කොළ,ආහාර දවටන,හිස් ඔක්සිජන් ටැංකි ආදී කැළි කසළ වලින් කදු මුදුන වැසී පවතින්නේයැයිද එවරස්ට් කදු මුදුන ලොව උසින්ම පිහිටි කසළ ගොඩ යැයි හැදින්වීමේ වරදක් නැතැයි යැයිද ඔවුහු කියති.

නමුත්  එවරස්ට් තරණයට පැමිණෙන සංචාරකයින්ගෙන් පමණක් වසරකට පවුම් ලක්ෂ 20 ක් පමණ උපයන නේපාලය ඔවුන්ගේ අදහස් පිළිගැනීමට සූදානම්  නැත.

පරිසර ආරක්ෂණය වෙනුවෙන් පියවර ගන්නා බව පමණක් නේපාල රජය සදහන් කර ඇත.



අදහස් (0)

එවරස්ට් කන්ද නගින ගණන බහී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site