එවරස්ට් කඳු මුදුනේ හිම තට්ටු යට දීර්ඝ කාලයක් තිස්සේ සංරක්ෂණය වී තිබූ මියගිය කඳුනගින්නන්ගේ සිරුරු හිම දියවීම හේතුවෙන් නිරාවරණය වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
ප්‍රථම වරට එවරස් තරණය කිරීමේ සිට මේ දක්වා කඳු නගින්නන් 300දෙනකු පමණ මියගොස් ඇති අතර එයින් සිරුරු තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් තවමත් හිම තට්ටු යට මිහිදන් වී තිබෙන බවට විශ්වාස කෙරේ.
මිහිතලයේ උණුසුම වැඩිවීම හේතුවෙන් හිම තට්ටු දියවන අතර මෙම සිරුරු ක්‍රමක්‍රමයෙන් නිරාවරණය වන බව නේපාල කඳු නගින්නන්ගේ සංගමයේ සභාපති ඇන්ග් ටෙෂාරින් ෂර්පා පවසයි.
"පසුගිය වසරවල මියගිය කඳු නගින්නන්ගේ සිරුරු කිහිපයක් අප කඳු පාමුලට රැගෙන ආවා. නමුත් පැරණි සිරුරු දැන් නිරාවරණය වීමට පටන් අරගෙන තිබෙනවා." යැයි ෂර්පා පවසයි.
මේ සම්බන්ද ගවේෂණ සිදුකරන නේපාල සංවිධානයක් පවසන්නේ කඳු නැගීම සිදු කරන වසරේ මෙම කාලයේදී සිරුරු පහලට ගෙන ඒමට උත්සාහ කලද එය ඉතා අසීරු කාර්යයක් බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පළපුරුදු ෂර්පා කඳු නගින්නන් යොදවා මෙම සිරුරු රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.
(බීබීසී ඇසුරිණ - 085)



2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එවරස්ට් කන්ද නගිද්දී මිය ගිය අයගේ සිරුරු හිම දියවීමෙන් නිරාවණය වේ