IMG-LOGO

එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති සියලු දූෂණ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසයි. ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයටය.

පසුගිය සිකුරාදා (21) හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පාකිස්තාන මැතිවරණ කොමිසම ඒකමතික තීන්දු කළේය. එම තීන්දුව අනුව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 5 ක් යනතුරු මන්ත්‍රී ධුරයක් සඳහා තරග කිරීම තහනම් වෙයි.

පාකිස්තාන මැතිවරණ කොමිසම මෙසේ තීන්දුවක් ලබා දී ඇත්තේ ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා මුල්කොට ගනිමිනි.

පාකිස්තාන මැතිවරණ කොමිසම ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන්, නීති මගින් කටයුතු කිරීමට ද ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සූදානම් වෙයි.

ඉම්රාන් ඛාන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ පාකිස්තාන ‘මුස්ලිම් ලීගය’ දේශපාලන කණ්ඩායමය. වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, ‘මුස්ලිම් ලීගය’ පක්ෂයේ නායකයාය. ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කළේ ද ෂෙහ්බාස් ෂරීෆ් මැදිහත් වෙමිනි.

විදෙස් සම්භාවනීය අමුත්තන්, පාකිස්කතාන රජයට ලබා දුන් ත්‍යාග ඉම්රාන් ඛාන් සිය සන්නතකගේ තබා ගැනීම ඉම්රාන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය. එම ත්‍යාග භාණ්ඩ සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් තමන් දැනුවත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site