මිලදී ගත් ‘ස්පුට්නික් 5‘ ප්‍රතිශක්තිකරණ එන්නත් තොගය භාවිතයට නොගන්නේ නම්, එන්නත සම්බන්ධයෙන් අඩුපාඩු කීම වහා නවතා, මිලදී ගත් එන්නත් තොගය ආපසු දෙන්නැයි රුසියාව ස්ලොවේකියාවට දන්වා ඇත.
ස්ලොවේකියාව යුරෝපා රටකි. රුසියාවේ ‘ස්පුට්නික් 5‘ එන්නත පළමුවෙන්ම මිලදී ගත් යුරෝපා රට වන්නේ ද ස්ලොවේකියාවය. ඒ, එරට කොරෝනා ආසාදිතයන් ඉහළ යමින් පවතින බැවිනි.
එන්නත් තොගය මිලදී ගැනීම සම්බන්ධයෙන් ද ස්ලොවේ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් දේශපාලන අර්බුදයක් ද නිර්මාණය විය. ඒ, අගමැති ඊගෝර් මැටවෙක් සිය සන්ධාන රජයේ සෙසු හවුල්කරුවන්ට නොදන්වා එන්නත මිලදී ගත් බැවිනි.
ඒ අනුව, අගමැති මැටවෙක්ට විරෝධයක් එල්ල වූ අතර, සන්ධාන රජය බිඳ වැටී, මැටවෙක් සිය ධුරයෙන් ද ඉල්ලා අස්විය. ස්ලොවේකියා රජය මිලදී ගත් එන්නත් මාත්‍රා ගණන මිලියන දෙකකි.
ස්ලොවේකියා ඖෂධ පාලන අධිකාරිය පසුගිය සති අන්තයේ පවසා ඇත්තේ, රුසියාවෙන් මිලදී ගත් ස්පුට්නික් එන්නත් තොගය නිසි ප්‍රමිතියකින් නොමැති බවය.
එන්නත මිලදී ගැනීමට පෙර පරීක්ෂා කිරීමට ලැබුණු සාම්පල මෙන් නිසි ප්‍රමිතියකින් යුක්ත වූ නමුත්, මිලදී ගත් එන්නත් මිලියන දෙක එසේ නිසි ප්‍රමිතියකට නිපදවා නැති බවත් ස්ලොවේකියා ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කර තිබේ.
ස්ලොවේකියා ඖෂධ පාලන අධිකාරිය කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියාව සිය කනස්සල්ල පළ කර ඇති අතර, එන්නත් ආපසු තමන්ට බාර දෙන්නැයි ද දන්වා තිබේ. ‘ස්පුට්නික් 5‘ එන්නත අපනයනයට සිදු කරන්නේ රුසියාවේ සෘජු ආයෝජන අරමුදල හරහාය.
මොස්කව්හිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එපා නම් එන්නත් ආපසු දෙන්න රුසියාව කියයි
banda Monday, 12 April 2021 07:22 AM
ඔය එන්න ඇත්තේ ලංකාවට එවන්න.. විස පොල් තෙල් කන අපිට මොන ප්‍රමිතියක් ද මහත්තයෝ