IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


එන්නත් විශ්වාස කරන්න: ඉන්දීය වෛද්‍යවරු කියති

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන ‘කොවිෂීල්ඩ්’ සහ ‘කොවැක්සින්’ එන්නත් අනිවාර්යයෙන් ලබා ගන්නා ලෙසත්, කොරෝනා වසංගතයට ඇති එකම පිළියම එන්නත් ලබා ගගැනීම බවත් ඉන්දීය වෛද්‍යවරු පෙන්වා දෙති.

‘කොවිෂීල්ඩ්’ යනු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත නිපදවන්නේ ඉන්දියාවේ පූනේ නුවර සේරම් ආයතනයයි.

‘කොවැක්සින්’ යනු ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම නිපදවන කොරෝනා වළක්වන එන්නතය. මෙම එන්නත සියයට සියයක් ඉන්දීය නිෂ්පාදනයක් වන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය මැති ඇමැතිවරුන් ලබා ගෙන ඇත්තේ ද මෙම ‘කොවැක්සින්’ එන්නතය.

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඉන්දියානුවන් ද ආසාදිතයන වන බව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී, බොහෝ දෙනකු එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බව ද වාර්තා වේ.

වයිරස ව්‍යාප්තිය නැවැතිය හැක්කේ එන්නත් ලබා ගැනීමෙන් පමණක් යැයි ඉන්දීය කොරෝනා මර්දනය පිළිබද කාර්ය සාධක බලකායේ ප්‍රධාන වෛද්‍ය වී.කේ. පෝල් අවධාරණය කර තිබේ.

‘කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස  කොවිෂීල්ඩ් එන්නත් 10,000 ක් ලබා දී තිදෙනකුට වයිරසය ආසාදනය වී තිබෙනවා. කොවැක්සින් එන්නත් 10,000 ක් ලබා දුන් පසු සිවු දෙනකුට වයිරසය ආසාදනය වී තිබෙනවා. එන්නත් දෙකම ලබා ගත් අයට වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාව ඉතා අඩුයි. පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අය වයිරසය ආසාදනය වී මියයෑමේ ප්‍රතිශතය අඩුයි’ යැයි වෛද්‍ය වී.කේ. පෝල් පැහැදිලි කර තිබේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

එන්නත් විශ්වාස කරන්න: ඉන්දීය වෛද්‍යවරු කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site