‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් හවායි වැසියන් පිරිසකට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත් ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසයි.
හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. ඇමෙරිකානුවන්ට ඖෂධ ලබාදීම සහ අනුමත කිරීම සිදුවන්නේ ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය යටතේය.
මේ වනවිට, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය යටතේ ඇමෙරිකානුවන්ට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට එන්නත් තුනක් අනුමත කර තිබෙන අතර මේ වනවිට ඇමෙරිකානුවන්ට ලබා දී ඇත්තේ එම එන්නත් තුනය.
‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ‘ජොන්සන් ඇන්ඞ් ජොන්සන්’ එම එන්නත්ය.
මෙම එන්නත් ඇමෙරිකන් එන්නත් වන අතර, ‘ෆයිසර්’, ‘මොඩර්නා’ මාත‍්‍රා දෙකකින් සමන්විතය. ‘ජොන්සන් ඇන්ඞ් ජොන්සන්’ එන්නත එක් මාත‍්‍රාවක් පමණි.
හවායි වැසියන්ට ලබා දී ඇත්තේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ එන්නත් වන අතර, වයිරසය ආසාදනය වී ඇත්තේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ මාත‍්‍රා දෙකම ලබාගත් හවායි වැසියන් වීම විශේෂත්වයකි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ලබා ගෙන ඇත්තේ ‘ෆයිසර්’ එන්නත වන අතර උප ජනාධිපති කමලා හැරිස් ලබා ගෙන ඇත්තේ ‘මොඩර්නා’ එන්නතය.
‘කොවිඞ් 19 වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති කිසිදු එන්නතක් සියයට සියයක් සාර්ථක නැහැ. එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගෙනත් එක් කෙනකුට හෝ දෙන්නකුට වයිරසය ආසාදනය වීමේ අවදානමක් තිබෙනවා. ඒත් එන්නතේ මාත‍්‍රා දෙකම ලබා ගත් 10 දෙනකුට හෝ 15 දෙනකුට වයිරසය ආසාදනය වුවහොත් එය විශේෂ තත්ත්වයක්. ඒ ගැන විමර්ශනයක් කිරීම අවශ්‍ය වෙනවා’ යැයි ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කර තිබේ.
(ඩේලිමේල්)
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්නත් දෙකම විදලත් කොරෝනා හැදිලා
hesa Wednesday, 24 March 2021 10:30 AM
සාමාන්‍යයෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්සට එන්නත් දුන්නෙත් පොර කකා පෝලිම් ගැහිලා ගන්නේත්, කවදා සිටද..?
chandima Friday, 26 March 2021 12:33 AM
කරුමෙට මේක වෙලා තියෙන්නේ පිට රටකනේ. මෙහෙ වුණා නම් රතු පාට බැනර් ඇඳගෙන රටවල් පුරා විරෝධතා තියෙනවා. ඒ මදිවට ගොත ගහ ගහ පාර්ලිමේන්තුවෙත් බෙරිහන්දෙනවා.