IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


එන්නත ගන්නැයි රිපබ්ලිකන්වරුන් උනන්දු කරන්න ට්‍රම්ප්ට පුළුවන්

‘කොවිඩ් 19’  වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට, රිපබ්ලිකන් පාක්ෂිකයන් උනන්දු කිරීමට, ධුරයෙන් සමුගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි නම්, ඇමෙරිකාවෙන් කොරෝනා තුරන් කිරීම පහසු වේවි යැයි වෛද්‍ය ඇන්තති ෆවුචි පවසයි.
ඇන්තනි ෆවුචි යනු ඇමෙරිකාවේ වසංගත රෝග පාලන විද්‍යායතනයේ ප්‍රධානියාය. ට්‍රම්ප් ආධාරකරුවන් බොහෝ දෙනකු එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, ට්‍රම්ප් එන්නත් සම්බන්ධයෙන් විශ්වාසයක් නොදක්වන බැවිනි.
වෛද්‍ය ෆවුචි පැහැදිලි කර ඇත්තේ, ට්‍රම්ප් සිය ආධාරකරුවන් දිරි ගන්වන්නේ නම්, ඔවුන් පැකිළීමකින් තොරව එන්නත ලබා ගනු ඇති බවය.

කොරෝනා වයිරසය අවතක්සේරු කළ බැවින්, ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ට  වයිරසය ආසාදනය විය. ට්‍රම්ප් ආසාදිතයකු වූයේ පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදීය. දින හතරක් වැනි කෙටි කාලයකදී වයිරසය පරාජය කිරීමට ට්‍රම්ප්ට හැකි විය. ඒ, වෛද්‍යවරුන් ඔහුට පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ රැසක් ලබාදීමෙනි.

කෙසේ නමුත් ජනපති ධුරය අහිමි වී ධවල මන්දිරයෙන් පිටවී යද්දී, ට්‍රම්ප් සහ මෙලානියා රහසේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් බව ද මේ වනවිට අනාවරණය වී ඇත. තමන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් බව ට්‍රම්ප් කිසියක් පවසා නැත.

 
 



අදහස් (0)

එන්නත ගන්නැයි රිපබ්ලිකන්වරුන් උනන්දු කරන්න ට්‍රම්ප්ට පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site