විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී සහභාගී වන "අකුරු මැකී නෑ" සංගීත ප්‍රසංගය මැයි මස 16 වැනි සෙනසුරාදා ලන්ඩනයේ වෙම්බ්ලි හි ඕකින්ටන් මැනාර් පාසල් ශ්‍රවනාගාරයේදී සවස 6.30 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙහි දෙවැනි ප්‍රසංගය "මාරම්බරී" ලෙසින් මැයි 17 වැනි ඉරිදා සවස 4 සිට රාත්‍රී 8 දක්වා බර්මින්හැම් ඇස්ටෝන්හි "ද ඩ්‍රම්" ශාලාවේදී පැවැත්වේ.
මෙය කවෙන්ට්‍රි, ලෙස්ටර්, මැන්චෙස්ටර්, නොටින්හැම්, ලීඩ්ස්, නිව් කාසල්, ලිවර් පූල් මෙන්ම ස්කොට්ලන්තය වැනි ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකික ගීත ලෝලීන්හට ලැබෙන මහඟු අවස්ථාවකි.
මෙම සංචාරයේදී සංගීතය සැපයීමට එඩ්වඩ් සමග ශ්‍රී ලංකාවෙන් දක්ෂ ශිල්පීන් කිහිප දෙනකුම එංගලන්තයට පැමිණීමට නියමිතය.
ප්‍රසංග දෙකින්ම උපයන සියලු මුදල් අභිනවයෙන් ඉදිවන බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ විහාර ගොඩනැගිලි අරමුදලට බැර කෙරේ. බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ දායක සභාවත් ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානයත් මෙම ප්‍රසංග දෙකම සංවිධානය කරනු ලබයි.
එඩ්වර්ඩ් චරිතා යුවල සහ සංගීත කණ්ඩායම මෙම ප්‍රසංග දෙක සඳහාම සහභාගී වන්නේ කිසිදු අයකිරීමකින් තොරවය.
සදා නිමවූ පසු බර්මින්හැම් මහාවිහාර නව ගොඩනැඟිල්ල යුරෝපයේ ඇති විශාලතම බෞද්ධ විහාරස්ථානය වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එඩ්වඩ් චරිතා යුවළ ලන්ඩනයේ ගී ගයයි
ජිනදාස Friday, 15 May 2015 04:16 AM
මල් හතයි. (බ)
සෝමපාල Friday, 15 May 2015 04:18 AM
නොටින්හැම් වලදි නම් රොබින් හුඩ් ගෙ මුනුබුරාල ටිකත් එයි. (බ)