
එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක, සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී ඇත.
විරෝධතාවලට හේතු වූයේ මීට සතියකට පෙර, වයඹදිග එංගලන්තයේ, සවුත්පෝට්හි කුඩා දරුවන්ගේ නර්නත පාසලක පුහුණුවීම් සිදුවෙද්දී එල්ල වුණු පිහි ප්‍රහාරයයි. එම පිහි ප්‍රහාරයෙන් කුඩා දැරියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සංක්‍රමණික විරෝධී සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ වූයේ, එම පිහි ප්‍රහාරය එල්ල කළේ එංගලන්තයට සංක්‍රමණිකයකු ලෙස පැමිණ පදිංචි වූ, මුස්ලිම් අන්තවාදියකු යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු නිසාය. පොලිසියට අනුව, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා එංගලන්තයේ උපත ලැබූවකු අතර ඔහු ක්‍රිස්තියානුවෙකි.
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන්, කඩසාප්පු කොල්ලකමින්, අලභහානි සිදු කරන බවත්, මුස්ලිම් වැසියන්ට පහර දෙන බවත් වාර්තා වේ. ඊයේ (4) වනවිට පොලිසිය, කලහකාරීන් 87 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.
කලහකාරී පිරිස් මර්දනයට පොලිසිය යොදවා ඇති අතර, හටගත් ගැටුම්වලින්, පොලිස් නිලධාරීන් කීප දෙනකු ද තුවාල ලැබූ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.
එංගලන්තයේ මේ අයුරින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නේ වසර 13 කට පසුවය. දකුණු යෝක්ෂයර් ප්‍රාන්තයේ, රොතර්හැම් නගරයේ, එංගලන්තයට පැමිණෙන සංක්‍රමණිකයන්ට නවාතැන් සපයන, හෝටලයටකට විරෝධතාකරුවෝ පහර දී හානි සිදු කළ බව ද පැවැසෙයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටර්මර් විරෝධතාකරුවන් අමතමින් පවසා ඇත්තේ සාමකාමීව හැසිරෙන ලෙසත්, ප්‍රචණ්ඩකාරීව හැසිරෙන කිසිවකුට කිසිම සමාවක් ලබා නොදෙන බවත්ය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
70
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2018
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එංගලන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා
Saman Monday, 05 August 2024 07:33 AM
ජෙප්පෝ එහාටත් ගිහිල්ලා
අරවින්ද මොනරවිල Monday, 05 August 2024 09:49 AM
ඔයා දේශපාලන අත දරුවෙක් වගෙයි සමන්, ලංකාවේ වර්ගවාදී, ජාතිවාදී හා ආගම්වාදී කලකෝලාහල ඇති කෙරුවේ, එ.ජාප.ය ශ්‍රිලනිප හා ඔවුන්ට ජාතකව හැදුනු පොහොට්ටුවෝ යන මේ කල්ලි ත්‍රිත්වය කියලා දේශපාලන ඤාණය කළඳක් හෝ තියෙන මිනිස්සු දන්නවා....
NimalMonday, 05 August 2024 11:46 AM
දක්ෂිණාන්ශික ජෙප්පන්ද?
යෝගා Monday, 05 August 2024 09:21 AM
ඕක මෙහෙ උනානම්, මානව හිමිකම් කඩ උනා කියලා සුද්දෝ මෙලහට පස් කාලා.
පාඨකයෙක් Monday, 05 August 2024 10:38 AM
මෙම පුවතේ සඳහන් කර නැති නමුත්, දැරියන් තිදෙනෙක් ඝාතනය කළ තරුණයා රුවණ්ඩාවෙන් පැමිණි යුවලකට දාව එංගලන්තයේ උපන්නෙක් බව එරට පොලිසිය හෙළි කර තිබේ. එබැවින්, සමාජ මාධ්‍ය පුවත් යම්තාක් දුරට අසත්‍ය වුව ද කළහකාරී ක්‍රියා අඩු වී නැත.
පාඨකයෙක්Monday, 05 August 2024 09:26 PM
ලියන සිංහල නෝතේරෙන උදවියත් ලංකාදීපය කියවන බව දැනගත්තේ අදයි! මා ලියා ඇත්තේ එංගලන්තයේ සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට පක්ෂව හෝ දරුවන් ඝාතනය කළ පුද්ගලයාගේ ජන්මයට අවමන් කිරීමට හෝ නොවේ. එරට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් දඩමීමා කරගෙන එරට සිටින සංක්‍රමණ විරෝධී පිරිස් දිගට ම ක්‍රියාත්මක වී ඇති බව පමණි. වෙනත් වචනවලින් කිවහොත්, මුස්ලිම් නෙවෙයි. කලු පුද්ගලයෙක්. නමුත්, සුද්දන් නොවන සියල්ලන්ට ම එකම සැලකිල්ල දෙන්න අවස්ථාවක් කරගෙන...
Sarasi Monday, 05 August 2024 03:44 PM
හපෝ ඉස්සර යුද්දේ කාලේ ඔය සංක්‍රමණිකයින්ට පුදුම ආදරයක්නේ තිබුනේ ඔය රටවල්. අපේ රටට ඇඟිල්ල දික්කරගෙන...!
Saman Monday, 05 August 2024 04:23 PM
අරවින්ද, ඔය ජෙප්පන් සහ පෙරෙට්ටන් ගැන දන්නේ නැහැ. රැල්ලට කඩේ යන්න එපා.