IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


එංගලන්තය දැවැන්ත කණ්ඩායමක් හදයි

 

සිය විශාලතම එන්නත් වැඩසටහන සඳහා එංගලන්තය මේ වනවිට දැවැන්ත කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටින බව ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

නව කොරෝනා වයිරසය වැළැක්වීමේ එන්නත එරට ජනතාවට ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය මෙලෙස හමුදාවක් සකස් කරමින් සිටින අතර ඊට විශ්‍රාමික වෛද්‍යවරුන්, හෙදියන් සහ භෞතික චිකිත්සකවරුන් එක් රැස් කරමින් සිටින බව පැවසේ.

නව කොරෝනා වයිරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 22කට අධික එරට වැඩිහිටියන්ට සහ ඉතිරි ජනගහනයට එන්නත ලබාදීමට එංගලන්තය සැලසුම් සකස් කර ඇත.

කොරෝනා වයිරසය මර්දනය සඳහා සංවර්ධනය කෙරෙමින් තිබෙන ප්‍රමුඛ එන්නත් දෙකක් වන ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම එක්ව සංවර්ධනය කෙරෙන එන්නත සහ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව සංවර්ධනය කරන එන්නත යන දෙක එංගලන්ත වැසියන්ට ලබාදීමට එරට ජාතික සෞඛ්‍ය සේවය සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්/‘ද ගාඩියන්’)

055



අදහස් (0)

එංගලන්තය දැවැන්ත කණ්ඩායමක් හදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site