IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැනත් අවධානය

(හර්ෂණ තුෂාර සිල්වා)
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ 36 වැනි සැසිවාරය අද (11) ආරම්භ විය.  එහි ආරම්භක සැසියේදී මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එහිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අදහස් දැක්වීමට නියමිතය. සෙයිද් රාල් අල් හුසෙන් මානව හිමිකම්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇත. 
 
වසර 30ක් මුළුල්ලේ පැවැති සිවිල් යුද්ධයේ අවසාන සමයේදී සිදු වූවා යැයි කියන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, දිගුකාලීන සාමය අත්පත් කරගැනීම, සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ස්ථාපිත කිරීම ආදී කරුණු ඇතුළත් කරමින් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනවක් ඉදිරිපත් විය. ඊට ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් සම අනුග්‍රහය දැක්වීය. 
 
අදාළ යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර දෙකක් ලබාදෙන්නැයි ඉල්ලමින් පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රීලංකාව, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක සම අනුග්‍රහාය යටතේ යෝජානවක් ඉදිරිපත් කෙරුණි. එහිදි අදාළ යෝජනාව සම්මත වූ අතර 2015 30/1 නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් හිමිවිය. 
 
පසුගිය මාර්තු මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ද මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදි.
 
මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලදී ශ්‍රී ලංකාව ධනාත්මක ප්‍රගතියක් පෙන්නුම් කළ ද සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව පසුගාමී තත්ත්වයක පසුවන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා කීය. 



අදහස් (1)

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැනත් අවධානය

prabash Tuesday, 12 September 2017 07:59 AM

තස්ත්‍රවාදීන් අපේ සිංහල ගම පිටින් මරල දාන කාළේ මේ මානව හිමිකම් තිබුනේ නැද්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site