IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


එක්සත් ජාතින්ගේ පරමාණු බලශක්ති අධිකාරියෙන් ඉරානයට චෝදනා

ඉරානයේ පිහිටි ප‍්‍රධාන හමුදා කඳවුරක් නිරීක්ෂණය කිරීමට තමන්ට අවසර නොදුන්නේ යැයි ඉරානයට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරියේ නියෝජිතයෝ ඊයේ (22) ඉරානයට චෝදනා කළහ. එම නියෝජිත කණ්ඩායම ඉරානයට පැමිණ සිටින්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවනවාදැයි සොයා බැලීමේ අරමුණ ඇතිවය. එම හමුදා කඳවුර නිරීක්ෂණය කිරීමට අවසර නොලැබීම හේතුවෙන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන නිරීක්ෂණය කිරීමේ ගිවිසුමට අදාළ නිරීක්ෂණ කටයුතු සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ බව ද අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ නියෝජිතයෙක් පැවැසීය. නියෝජිතයන්ට අවසර නොලැබුණේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීම් සිදු කෙරෙන බවට විශ්වාස කෙරෙන ඉරානයේ ටෙහෙරාන් අගනුවර සමීපයේ පිහිටි ‘පාර්චින්’ නමැති යුද හමුදා කඳවුර නිරීක්ෂණය කිරීමටය. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඉරානයට පැමිණ සැබෑ තත්ත්වය විමසා බලන්නැයි පරමාණුක බලශක්ති අධිකාරියේ නියෝජිතයන්ට ආරාධනාවක් කළේ ද ඉරාන රජයයි. කෙසේ නමුත් එම නියෝජිත පිරිස ඉරානයට පැමිණීමෙන් අනතුරුව ඉරානය සහ බටහිර බලවතුන් අතර අර්බුදය තීව‍්‍ර විය. එම තත්ත්වයේ ප‍්‍රථිඵලයක් වශයෙන් ඉරානයට එරෙහි  සම්බාධක වැඩි කිරීමට ඇමෙරිකාව පියවර ගත්තේය. පාර්චින් හමුදා කඳවුරේදී අධි බලැති පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් අත්හදා බැලීමක් සිදු කර ඇති අතර එය බැලස්ටික් මිසයිලයක් තැනීමේ අරමුණින් සිදු කෙරන පරීක්ෂණවලට අදාළ බවට සැක කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

එක්සත් ජාතින්ගේ පරමාණු බලශක්ති අධිකාරියෙන් ඉරානයට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 153 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 49 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site