ලෙමන් මෝරා ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂය ලොව කොතැනක සිටියත් පැටවුන් බිහිකිරීම සඳහා බහමාස් රාජ්‍යයට අයත් බිමිනි දූපතට පැමිණෙන බව පර්යේෂණයකින් අනාවරණය වී ඇත. පර්යේෂකයන් පවසන්නේ ලෙමන් මෝරාගේ ගැහැනු සතුන් තමන් උපන් ස්ථානයේ දී ම සිය පැටවුන් බිහිකරන බවයි.
මෝරුන්ට මුහුදේ ස්ථිර ස්ථානයක් නැත. සාගරය පුරා ඔවුන් පිහිනා යයි. පවුල් වශයෙන් ජීවත් වන මෝරුන්ගේ පැටවුන් වසර හයක් පමණ සම්පූර්ණ වෙද්දී පවුල අතහැර සහකරුවන් සහකාරියන් සොයා යයි. එසේ ගිය ද ඔවුන් සිය පැටවුන් බිහිකිරීම ස
ඳහා තමන් උපන් බිමට ම පැමිණීම විශේෂත්වයකි.
පර්යේෂකයන් පවසන්නේ ලෙමන් මෝරා සිය පරපුර බිහිකිරීමට බිමිනි දූපත අවට මුහුද තෝරාගන්නේ සැමන් මසුන් සහ කැස්බෑවුන් සිය බිත්තර දැමීමට තමන් උපන් ස්ථානයට ම යන ආකාරයට බවයි.
මෝරන්ගේ මෙවන් හැසිරීමක් වාර්තා වී ඇත්තේ ලෙමන් මෝරුන් බිමිනි දූපතට පැමිණීම පමණක් ම බවයි. මේ සඳහා 1990 සිට බිමිනි දූපත අවට උපන් පැටවුන් හා ඔවුන් යළි එහි පැමිණීම නිරීක්ෂණය කැර ඇත.
ලෙමන් ගෙඩියක පොත්තේ ඇති ස්වරූපයෙන් දුඹුරු පැහැයට හුරු කහ පැහැයක් සහිතව වළ ගැසුණු සමක් තිබෙන බැවින් මේ මෝරා ලෙමන් මෝරා නම් වී ඇත. සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ මුහුද පත්ලේ වැලි යට නිසොල්මන්ව වැතිරී සිටිමින් සතුරන්ගෙන් බේරීමට පහසු වන ආකාරයෙන් මේ මෝරාගේ වර්ණය ලැබී ඇති බවයි.
නිවර්තන කලාපීය නොගැඹුරු මුහුදු තීරයේ කොරල්පර, ගංඟා මෝය හා කලපු ආශ්‍රිතව ජීවත් වීමට මේ සතුන් පුරුදුව සිටියි. ඔවුන් බිමිනි දූපත් වටා ඇති උණුසුම් ජලය සහිත නොගැඹුරු මුහුදු තීරයේ ඔවුන්ට ඇති තරම් ආහාර ඇත. ලෙමන් මෝරුන්ට තරබාරු සිරුරක් තිබේ. සපා කෑමේ දක්ෂයෝය. මුහුදේ සැතපුම් සිය දහස් ගණන් දුර ගෙවමින් පිහිනා ගිය ද ඔවුහු තමන් උපන් ස්ථානය කිසිදා අමතක නොකරති.
පර්යේෂකයන් පවසන්නේ මෙවැනි සුවිශේෂී හැසිරීමක් වාර්තා වී ඇත්තේ ලෙමන් මෝරුන්ගෙන් පමණක් බවයි. අනෙක් මෝරුන් ද එලෙස තමන් උපන් ස්ථානය ම පැටවුන් බිහිකිරීම සඳහා තෝරාගන්නේ දැයි නොදන්නා බව ද ඔවුන් පවසයි.
මෙම ගැහැනු සතුන්ට තමන් ගැබ් ගත් කාලයත්, පැටවුන් බිහි කිරීමට යා යුතු ස්ථානයට යාමට ගතවන කාලය හා දුර ප්‍රමාණයත් නිසිපරිදි ගණනය කැර ගමන් අරඹා නියමිත පරිදි පැමිණීමට තරම් දක්ෂතාවක් ඇත. බිමිනි දූපත ලෙමන් මෝරුන්ගේ තිඹිරි ගෙයයි. පරම්පරා කිහිපයක් ගතවුව ද තම මී මිත්තනියන්ගේ තිඹිරි ගෙය ම සොයා යාමට ලෙමන් මෝරුන් දක්වන්නේ පුදුමාකාර හැකියාවකි.
අපි වරක් මේ දූපත අවට දී එක් මෝර පැටියෙක් සළකුණු කළා. ඒ කාලයේ ඇමෙරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන්. ටික කාලෙකින් මේ සත්ත්වයා දක්නට ලැබුණේ නැහැ. වසර කිහිපයකට පසු අපිට ඒ මෝර පැටියා නැවත හමුවුණා. ඒ වනවිට මේ මෝරා වැඩුණු සත්තවයෙක් ඒ වගේම ගැබ්බරව සිටියා. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා.
බහමාස් රාජ්‍යය මෙම දූපත අවට මුහුදු තීරය මෝර අභයභූමියක් ලෙස නම්කැර තිබේ. වසරකට මේ මෝර අභයභූමියෙන් බහමාස් රාජ්‍යය උපයන මුදල ඩොලර් කෝටි 800කි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එකම තිඹිරිගෙට යන ලෙමන් මෝරා
සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 08:01 PM
සහෝදර වරුනි , මට ඡන්දය දුන්නොත් හදනවා බිමිනි වල ලෙමන් මෝරා මාතෘ සයනයක්.(නදී)