IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උසාවියට පැමිණි හිටපු අගමැති බ්ලෙයාර්ට විරෝධතාකරුවකුගෙන් බාධා

කෝටිපති ව්‍යාපාරික රූපට් මර්ඩොක් සහ ඔහුගේ මාධ්‍ය ආයතන බි‍්‍රතාන්‍ය දේශපාලනයට බලපෑම් කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ලෙවීසන් නඩු විභාගයේ තවත් සැසිවාරයක් පෙරේදා (28) ලන්ඩන් නුවර දී ආරම්භ වූ අතර, එහි  සාක්ෂි දීම සඳහා හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් පැමිණි අවස්ථාවේ ඔහු යුද අපරාධකරුවකු යැයි බැණ වදිමින් විරෝධතාකරුවෙක් අධිකරණ ශාලාවට කඩා වැදුණේය. නඩු විභාගය පැවැත්වෙන්නේ ලෙවීසන් සාමිවරයාගේ ප‍්‍රධානත්වයෙනි. ප‍්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ ද ලෙවීසන් සාමිවරයායි. හිටපු අගමැති බ්ලෙයාර් සාක්ෂි ඉදිරිපත් කරමින් සිටිද්දී විරෝධතාකරු හිටිහැටියේ ම අධිකරණ ශාලාවට කඩා වැදුණේ සාමිවරයා පැමිණෙන පසුපස දොරටුවෙනි. හිටපු බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ඉරාක යුද්ධයට සම්බන්ධ වී, යුද අපරාධ සිදු කළේ යැයි චෝදනා කරමින් සහ බැණ වදිමින් අධිකරණයට කරුණු දැක්වීමට විරෝධතාකරු උත්සාහ ගත්තේය. එහෙත් ආරක්ෂක නිලධාරීන් වහා කඩා පැන ඔහු ශාලාවෙන් පිටතට රැගෙන යෑමට කටයුතු කළේය. ඉන්පසු පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා විය. එම පුද්ගලයා ඬේවිඞ් ලෝව්ලී වේක්ලින් නමැති 49 හැවිරිදි යුද විරෝධතාකරුවකු සහ සිනමාකරුවකු යැයි පොලිසිය පවසයි. සිදුවූ සියල්ල සජීවී ලෙස මාධ්‍ය හරහා විකාශනය විය. වේක්ලින් අධිකරණ ශාලාවෙන් ඉවතට ගෙන යෑමෙන් පසු ලෙවීසන් සාමිවරයා කියා සිටියේ වේක්ලින් අධිකරණ ශාලාවට පැමිණියේ කෙසේදැයි සෙවීමට වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. වේක්ලින් සිදුවූ බාධා කිරීම නිසා අධිකරණයේ කටයුතු පැයකට පමණ නතර වූ බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

උසාවියට පැමිණි හිටපු අගමැති බ්ලෙයාර්ට විරෝධතාකරුවකුගෙන් බාධා

ඩොක්ටර් Thursday, 31 May 2012 10:24 AM

මෙන්න නියම මිනිහෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site