පෘථිවි වායුගෝලයට ඇතුළුවුණු උල්කාපාතයක් ඇස් නිලංකාර වන තරමේ එළියක් නිකුත් කරමින් පුපුරා යනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කෙරී තිබේ.වීඩියෝව පටිගත කර ඇත්තේ රුසියාවේදීය.
ඇතැමුන් සැක කරන්නේ මෙය උල්කාපාතයක් නොව රුසියාව අත්හදා බැලූ මිසයිලයක් බවයි.තවත් අය මේ පිටසක්වල යානයකැයි කියයි.
නමුත් 2013 වසරේ රුසියාවට ඉහළ අහසේ පුපුරා ගිය උල්කාපාතය හා මෙම අවස්ථාව සන්සන්දනය කර ඇති විද්‍යාඥයින් මෙයත් උල්කාපාතයක පිපිරීමක් ලෙස හදුන්වාදී තිබේ.
පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුව පෘථිවිය වෙතට ඇදී එන අභ්‍යාවකාශයේ නිදහසේ පාවෙමින් තිබෙන පාෂාණ වැනි ද්‍රව්‍යයන් උල්කාපාත ලෙස හැදින්වේ.මේවා පෘථිවියේ වායුගෝලය හා ගැටෙන විට ඇතිවන ඝර්ෂණය නිසා ගිනි ගන්නා අතර එවිට මහත් ආලෝකයක් විහිදේ.සාමාන්‍ය ප‍්‍රමාණයේ උල්කාපාතයක් නම් වායුගෝලයේදීම ගිනි ගෙන කැබලි වී විනාශව යන අතර ප‍්‍රමාණයෙන් විශාල එකකට නම් පෘථිවිය මතටම පතිත වී මහත් විනාශයක් සිදුකළ හැකි බව විද්‍යාඥයින් කියයි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උල්කාපාතයක්ද?මිසයිලයක්ද?
සත්‍යයා Wednesday, 23 April 2014 10:28 PM
මේක "ධම්මෝ හවේ රක්ඛති" වෙන්න ඕනේ (දී)
දුමින්ද Wednesday, 23 April 2014 10:50 PM
වෙලාවට ඕක ලංකාවේ වුණේ නැත්තේ. නැත්නම් උල්කාපාත ඇමති කෙනෙකුත් පත් කරයි. (ත)
සුගත් බණ්ඩාර Wednesday, 23 April 2014 10:44 AM
උල්කාපාත වේවා මිස්සිලයක් වේවා ඕනෑම දෙයක්. දැන් දැන් කවුරු කවුරුත් බලයටයි දඟලන්නේ. බලාගෙන ඉමු කවුද දිනන්නේ කියලා. ‘‘ධම්මෝ බවේ රක්කති ධම්මචාරි“ (ස)