IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උතුරු කොරියා මිසයිලය ජපානය අසල මූදට වැටිලා

ජපානයට අනතුරක් වන අයුරින්, උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. මිසයිලය පතිත වූයේ ජපානය අසල මූදටය.

‘උතුරු කොරියාව යළිත් වරක් අපට අනතුරක් වන ආකාරයට මිසයිල අත්හදා බැලීමක් කළා. මිසයිලය පතිත වූයේ හොකයිඩෝ දූපතට ඔබ්බෙන් මුහුදයි.’ යැයි මිසයිල අත්හදා බැලීම හෙලා දකිමින් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

මිසයිල අත්හා බැලීමෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.

මිසයිලය පතිත වී ඇත්තේ හොකයිඩෝ දූපතේ බටහිර දෙසින් පිහිටි මුහුදු කලාපයටය. ජපානය දූපත් සමූහයකින් සැදුම්ලත් දූපත් රාජ්‍යයකි. හොකයිඩෝ යනු එම දූපත් අතරින් දෙවැනියට විශාලතම දූපතය. ජපානයේ වෙළෙඳ කටයුතු සිදුවන්නේ මෙම මුහුදු කලාපය කේන්ද්‍රකොට ගනිමිනි. 

දින දෙකක් ඇතුළත උතුරු කොරියාව ජපානයට තර්ජනයක් වන ආකාරයට සිදු කළ දෙවැනි දිගු දුර මිසයිල අත්හදා බැලීම මෙය යැයි පැවැසෙයි.

‘අපි උතුරු කොරියාවට අපේ දැඩි විරෝධය පළ කරනවා. උතුරු කොරියාව අපට අනතුරක් වන ආකාරයට මිසයිල අත්හදා බැලීම් වහා නවත්වන්න ඕනෑ’ යැයි ජපාන අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ජපානයට තර්ජනයක් වන ආකාරයට, උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බැලීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි දකුණු කොරියාව සහ ඇමෙරිකාව ද විශේෂ ප්‍රකාශ නිකුත් කර තිබේ.

(රොයිටර්)

 



අදහස් (0)

උතුරු කොරියා මිසයිලය ජපානය අසල මූදට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site