උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුකොටගෙන ඇමෙරිකාවේ උදහසට ලක් ව සිටි උතුරු කොරියා නායක කිම් ජොං ඉල්, හෘදයාබාධයකින් අභාවප‍්‍රාප්ත විය.
කිම් ජොං ඉල්ගේ මරණය පිළිබඳ පුවත ලොවට හෙළි කළේ උතුරු කොරියා රාජ්‍ය රූපවාහිනී සේවයයි. ඔවුන් වාර්තා කළ පරිදි නායක කිම් ජොං ඉල් මියගොස් ඇත්තේ ඉකුත් 17 වැනිදාය.
මිය යන විට 69 වැනි වියෙහි පසුවූ කිම් ජොං ඉල්, උතුරු කොරියාවේ නායකයා බවට පත් වූයේ 1997 වසරේදීය. ඒ, ඔහුගේ පියා කිම් ඉල් සුංගේ මරණින් පසුවය. කිම් ඉල් සුං මියගියේ 1994 වසරේදීය.
පියා මෙන්ම කිම් ජොං ඉල් ද ගුවනින් යෑමට බියක් දැක්වූ රාජ්‍ය නායකයකු ලෙස ප‍්‍රකටය. ඔහු විදෙස් සංචාරවල නියැළුණේ ඉතා කලාතුරකිනි. ඔහු වැඩි පුරම ගියේ චීනයටය. උතුරු සහ දකුණු කොරියාව අතර ගැටුම් හටගත් අවස්ථාවලදී සාම මැදහත්කරු වූයේ චීනයයි.
ගුවනින් යෑමට බියක් දැක්වූ නිසා කිම් ජොං ඉල් ගමන් කළේ විශේෂයෙන් නිර්මාණය කළ වෙඩි නොවදින දුම්රියකිනි. ඔහු මෙම වසර මුලදී එම දුම්රියෙන් රුසියාවේ ද සංචාරයක යෙදුණේය.
උතුරු කොරියාවේ පාලන ක‍්‍රමයට අනුව කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු රටේ නායකයා වන්නේ ඉල්ගේ බාල පුතු කිම් ජොං උන්ය. 28 හැවිරිදි කිම් ජොං උන්, කිම් ජොං ඉල්ගෙන් පසු උතුරු කොරියාවේ නායකත්වයට පත් වන බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරුණේ 2009 වසරේදීය.
එම අවස්ථාවේදී කිම් ජොං උන්ට සහාය දෙන්නැයි ද කිම් ජොං ඉල් උතුරු කොරියානුවන්ගෙන් ඉල්ලීමක් ද කළේය. කිම් ජොං ඉල්ගේ අවසන් කටයුතු එලැඹෙන 29 වැනිදා පැවැත්වෙන බවත් එම අවස්ථාවට විදේශ නියෝජිතයන්ට, තානාපතිවරුන්ට හෝ රාජ්‍ය නායකයන්ට ආරාධනා නොකරන බවත් උතුරු කොරියා රජය පවසයි. පෙරේදා සිට 29 වැනිදා තෙක් උතුරු කොරියාවේ ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇති බව ද වාර්තා වේ.
ඇමෙරිකාව ප‍්‍රමුඛ ලෝක බලවතුන් සහ උතුරු කොරියාව අතර නොහොඳ නෝක්කඩු ඇති වුණේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි.
ඇමෙරිකාවේ දර්ශනයට අනුව ලෝකයේ අංක එකේ නපුරා වන්නේ ද කිම් ජොං ඉල්ය. ඇමෙරිකාව චෝදනා කළේ කිම් ජොං ඉල් සහ උතුරු කොරියා රජය හමුදාව යොදවා එරට වැසියන් දැඩි ලෙස මර්දනයකට ලක් කරන බවය. එපමණක් නොව උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන යටතේ න්‍යෂ්ටික අවි නිපදවන බවට ද ඇමෙරිකාව චෝදනා කරයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නිසා ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ඇමෙරිකාව ප‍්‍රමුඛ ලෝක බලවතුන්ගේ උදහසට ලක් වූවා සේම කිම් ජොං ඉල් ද ඇමෙරිකාවට තර්ජනයක් විය. දකුණු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන කෙසේ සිදුවන්නේ ද යන්න ඇමෙරිකාව නොදනී. එම නිසා උතුරු කොරියාව විටින් විට මිසයිල අත්හදා බැලීම් කරද්දී වැඩිපුරම බියට පත් වන්නේ ඇමෙරිකාවය.
කොරියා යුද්ධයෙන් උතුරු සහ දකුණු වශයෙන් කොරියාව දෙකඩ වීමෙන් පසු ඇමෙරිකාව දිගටම දකුණු කොරියාව සමඟ සම්බන්ධකම් පැවැත්වීය. උතුරු කොරියාව රුසියාව සමඟ සබඳකම් පවත්වාගෙන ගියේය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතුවලදී ඊට සහාය දෙන්නේ රුසියාවය.
ඇමෙරිකාව, දකුණු කොරියාවට වඩාත් සමීපවී සිටින්නේ උතුරු කොරියාව ඔවුන්ට අවශ්‍ය විධියට හසුරුවා ගැනීමට නොහැකි නිසා යැයි අවස්ථා ගණනාවකදී උතුරු කොරියානුවන්ට ‘කොකා පෙන්වමින්’ ඇමෙරිකාව, දකුණු කොරියා හමුදාව සමඟ එක්වී උතුරු කොරියාව අසල මුහුදේ නාවික යුද අභ්‍යාස පවා පවත්වා තිබේ. එය උතුරු කොරියාවේ මෙන්ම චීනයේ ද බලවත් විරෝධයට හේතු විය. ආසියා කලාපයේ ඇමෙරිකාවට බියක් නොදක්වන අනෙක් රට වන්නේ චීනයයි. සෙසු ආසියා රටවල් සමඟ සමීප සම්බන්ධතා ඇති කර ගන්නා අයුරින් විදේශ ප‍්‍රතිපත්ති සකස් කිරීමට ඇමෙරිකා ජනාධිපති තීරණය කර ඇත්තේ ද එහෙයින්ය. මීට සති කිහිපයකට පෙර දශක ගණනාවකට පසු මියන්මාරයට ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පිටත් කර හැරියේ ද එම නිසා යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියා නායක කිම් ජොං ඉල් මියයයි
ඩී.එස්. ගම්මන්පිල Thursday, 22 December 2011 09:16 AM
විශාල පාඩුවක්. අවශ්‍යයි හොද නායකයන් ලෝකයට