IMG-LOGO

උතුරු කොරියාව යළි වහසි බස් කියයි

කොරියා අර්ධද්වීපයට අනවශ්‍ය පරිදි සිදුකරන ඇඟිලි ගැසීම් නොනවත්වන්නේ නම් ධවල මන්දිරයට න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බව උතුරු කොරියාවේ මුල් පෙළ ආරක්ෂක අංශ බළධාරියෙක් අනතුරු ඇඟවීය.

1950 - 1953 කොරියා යුද්ධය අනුස්මරණය කිරීමට සංවිධානය කර තිබූ උත්සවයකදී ඔහු මේ බව කීය.

දකුණු කොරියාව හා ඇමරිකාව එක්ව දියත් කරමින් සිටින යුධ අභ්‍යාස ගැන උතුරු කොරියාව නිරතුරුව අවධානයෙන් සිටින බව ඔහු පැවසීය.

ඔවුන්ගේ ක්‍රියාකාරකම් උතුරු කොරියාවේ පැවැත්මට හා ස්වෛයිරීභාවයට තර්ජනයක් වේ යැයි පෙනී ගියහොත් ඇමරිකාවේ ධවල මන්දිරයට න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට ඔහු තර්ජනය කළේය.

උතුරු කොරියාව ඇමරිකාවට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කළ පළමු අවස්ථාව මෙය නොවේ.මින් පෙර අවස්ථා කිහිපයකදීම ඇමරිකා හිතවත් රටවලට හා අත්ලන්තික සාගරයේ පිහිටි ඇමරිකා කදවුරු වලට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කරන බවට ඔවුහු තර්ජනය කළෝය.

විමර්ෂකයින් පවසන්නේ දිගුදුර න්‍යෂ්ඨික මිසයිල තැනීමට තරම් තාක්ෂණයක් තවමත් උතුරු කොරියාව සතුව නොමැති බවයි.

එසේවුවත් කෙටි දුර මිසයිල නිපදවීමේ තාක්ෂණය නම් ඔවුන් සතුය.

උතුරු කොරියාවේ හැසිරීම නිසා එරටට සම්බාධක පිට සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇතත් තමන්ගේ හමුදා ශක්තිය පෙන්වීමේ ක්‍රියාකාරකම්වල උතුරු කොරියාව දිගින් දිගටම නිරතවේ.

පසුගිය සති කිහිපයේද ඔවුහු ජපාන මුහුදේ මිසයිල අත්හදා බැලීම් සිදුකළහ.



අදහස් (0)

උතුරු කොරියාව යළි වහසි බස් කියයි

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:40 PM

ඇමෙරිකාව උතුරු කොරියාව හා රුසියාව සමග වරින් වර පැටලීම නුවණට හුරු දෙයක් නම් නම් නොවේ. පොඩි එකාගේ නිර්භය කමත්, පුටින්ගේ දක්ෂකම හා යුදමය ශක්තිය මත පොලිස් කාරයා පසුබෑමකට හා ලෝකය ඉදිරියේ ලජ්ජාවකට මුහුණපානු නියතයි (නදී)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 30 July 2014 05:23 PM

උතුරු කොරියාව මොන වහසි බස් දෙඩුවත් ඔවුන්ගේ ශක්තිය බටහිර රටවල යුධ ශක්තියෙන් සියයට 10 ක් වත් ප්‍රමාණයක් නැහැ . (අ)

:       0       0

සිල්වා Thursday, 31 July 2014 09:10 AM

මේකටත් ගහලම ඉවර කලානම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 40 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1589 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1711 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site