උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් අදියරට පත් වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ් 19’ වයිරස වසංගතයේ ආරම්භය චීනයයි. චීනයෙන් ආරම්භ වුණු වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී චීනයේ අසල්වැසියකු වන උතුරු කොරියාව චීනය සමඟ සියලු සබඳතා නැවැත්වීය.
දකුණු කොරියානු දේශසීමාව ද වසා දැමීය. ඒ අනුව, හුදෙකලා වුණු උතුරු කොරියාවෙන් මෙම වසරේ අප්‍රේල් මාසය වනතුරු ‘කොවිඩ් 19’ ආසාදිතයකු වාර්තා වූයේ නැත.
කෙසේ නමුත් පසුගිය අප්‍රේල් මාසයේ උතුරු කොරියාව පුරා උණ රෝගයක් ඉතා වේගයෙන් පැතිරිණි. මෙය ‘කොවිඩ් 19’ බව තහවුරු වනවිටත් මිලියන ගණනක් දෙනා රෝගී වී සිටි පැවැසිණි. උතුරු කොරියාවේ මෙසේ ව්‍යාප්ත වූයේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ ප්‍රභේදයයි.
උතුරු කොරියානු සෞඛ්‍ය අංශ කියා සිටියේ වාර්තා වූ උණ රෝගීන් මිලියන 4.77 න් සියයට 99.98 දෙනකු පූර්ණ සුවය ලබා සිටින බවය. ‘කොරෝනා’ වසංගතය අවසන් අදියරය පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේ මේ නිසාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවේ කොරෝනා අවසන්