IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උතුරු කොරියාව ඇමෙරිකා සිරකරුවෝ ගෙදර යවති

උතුරු කොරියාවේ හිරභාරයේ තබාගෙන සිටි ඇමරිකානුවන් දෙදෙනා වන මැතිව් ටොඩ් මිලර් සහ කෙනත් බේ නිදහස් කර  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම දෙදෙනා ඇමරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් සමග ඇමරිකාවට පැමිණි බව ඇමරිකා රජයද ස්ථිර කර ඇත. පසුගිය මාසයේ උතුරු කොරියාවේ සිරබාරයේ සිටි අනෙක් ඇමරිකානුවා වු ජෙෆ්රි ෆවුලේ ද නිදහස් කළේය.

ඇමරිකානු රජය උතුරු කොරියාවට චෝදනා එල්ල කළේ සිරභාරයේ තබාගෙන ඇති ඇමරිකානුවන් දෙදෙනා රාජතාන්ත්‍රික දඩයමක් ලෙස උගසට තබාගෙන ඇති බවයි. එහෙත් උතුරු කොරියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

තම පුරවැසියන් දෙදෙනා නිදහස් කිරීම පිලිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය සතුට පළකරයි. කෙනත් සහ මිලර් වසර දෙකකුත් මාස හතක් උතුරු කොරියාවේ සිරගත කර තිබිණි. මිලර් (24) ට  බරවැඩ සහිතව වසර හයක සිරදඩුවම් නියම කරණු ලැබුවේ  ඔහු තම සංචාරක විසා විනාශ කර උතුරු කොරියාවේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම හේතුවෙනි. මෙම ක්‍රියාව එදිරිවාදි ක්‍රියාවක් ලෙස උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර සිටියේය.

බේ 2012 වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ චීන සහ උතුරු කොරියා දේශ සීමාවේ පිහිටි  ඊසාන දිග වරාය නගරයක් වු රේසන් හි විශේෂ ආර්ථික කලාපයට ඇතුළු වීමට උත්සාහ ගැනීමේදීය.

මොහු සංචාරක ක්‍රියාකරුවෙක් ලෙස සහ ක්‍රිස්තියානි මිෂනාරිවරයෙක් ලෙස හඳුනාගෙන තිබිණි. උතුරු කොරියාව පවසා සිටියේ බේ විසින්  රජය පෙරලා දැමීම පිණිස කංඩායම් පෙලගස්වා ඇති බවයි.

මොහුට බරපතල වැඩ සහිතව වසර 15ක සිරදඩුවම් 2103 මැයි මාසයේදි උතුරු කොරියාව විසින් පනවන ලදී.Nk 2



අදහස් (0)

උතුරු කොරියාව ඇමෙරිකා සිරකරුවෝ ගෙදර යවති

මොරිස් Wednesday, 12 November 2014 02:40 AM

අර උදවිය වගේ බෙල්ල කපන්නේ නැතුව නිදහස් කළ එක කොච්චර හොඳයිද? (බ)

:       0       0

සමීර Tuesday, 11 November 2014 08:34 AM

උතුරු කොරියාව බය වුණා වගේ.(හේ)

:       0       0

දිලුක් Tuesday, 11 November 2014 03:49 AM

දඬුවම දුන්න අවුරුද්ද හරිද බලන්න . (අ)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 11 November 2014 01:41 PM

උතුරු කොරියාවේ ඉන්න නායකයා ගොඩක් තරුණ බරපතල තීරණයක් ගෙනිමට පුළුවන් කෙනෙක් නොවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site