උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමි ව තිබේ. එරට මිසයිල වැඩසටහනට විරෝධය පාමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.
සම්බාධකවලට අනුව උතුරු කොරියාවේ අපනයනවලට තහනමක් පැනවෙන අතර උතුරු කොරියාව තුළ කෙරෙන ආයෝජන ද සීමා කිරීමට නියමිතය.
මෑත ඉතිහාසයේ රටකට පැනවූ දරුණුතම සම්බාධක මෙම සම්බාධක යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත නිකී හේලී ප්‍රකාශ කළාය.
උතුරු කොරියාව ජූලි මාසයේදී අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර එම මිසයිලවලට ඇමෙරිකාවට ළඟා විය හැකි යැයි ද උතුරු කොරියාව නිවේදනය කළේය. කෙසේ නමුත් එම මිසයිලවලට ඇමෙරිකාවට ළඟා විය හැකි ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇතැයි ද විශේෂඥයෝ ප්‍රකාශ කරති.
උතුරු කොරියාව අත්හදා බැලූ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල දෙක දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතු වූ අතර මෙම සම්බාධාක පැනවීමට හේතු වූයේ ද එම මිසයිල අත්හදා බැලීම් දෙකයි.
ඒ.එෆ්.පී/රොයිටර් 055
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවට සම්බාධක පනවයි