ඇමෙරිකන් ඩොලර් මිලියනයක් වටිනා ස්ට්‍රෝබරි කිරි සහ කෝපි ඇතුළු භාණ්ඩ රැසක් උතුරු කොරියාවට විකුණූ සිංගප්පූරු ව්‍යාපාරිකයකුට සිංගප්පූරු අධිකරණයක් සිර දඬුවම් නියම කෙරුණි.
න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබේ. එම සම්බාධක මැද එරටට භාණ්ඩ විකිණීම වරදකි. සිංගප්පූරුව උතුරු කොරියාව සමඟ වෙළෙඳ සබඳතා නවතා දැම්මේ 2017 වසරේ සිටය.
පුවා ස්සේ හෛයි නමැති 59 හැවිදි මෙම ව්‍යාපාරිකයා රහසේ උතුරු කොරියානුවන් සමඟ ගනුදෙනු කරමින් ස්ට්‍රෝබරි කිරි සහ කෝපි පමණක් නොව, සුවඳ විලවුන්, වයින් සහ විස්කි ද විකුණා ඇති බව අධිකරණයේ දී අනාවරණය වී තිබේ.
පුවා ස්සේ හෛයි ‘පොක්කා ඉන්ටර්නැෂනල්’ නමැති ජාත්‍යන්තර සමාගමේ හිටපු කළමනාකරුවකු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උතුරු කොරියාවට භාණ්ඩ විකුණා හිරේ