උතුරු කොරියාවට එරෙහිව ගත හැකි දැඩිම පියවර ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය අද (4) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට අවධාරණය කළේය.
උතුරු කොරියාව සිදු කරන ලද සයවැනි සහ මෙතෙක් කරන ලද වඩාත් බලසම්පන්නම න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධයෙන් කැඳවා තිබූ එක්සත් ජාතීන්ගේ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ඇමෙරිකා නියෝජිතවරිය ඒ බව ප්‍රකාශ කළාය.
“රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ අර්බුදය විසඳා ගත හැක්කේ උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණයි” යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමේදී අදහස් දක්වමින් නිකී හේලී කීවාය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම නවත්වනවා මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදු කරන යුද අභ්‍යාස තාවකාලිකව නවතා දැමිය යුතු යැයි සඳහන් කරමින් චීනය ද ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර නිකී හේලි එම යෝජනාවට අපහාස වනු අයුරින් අදහස් දැක්වූ බව ද වාර්තා විය.
“දරුණු රෙජීමයක් ඔබ දෙසට න්‍යෂ්ටික අවි හා අන්තර්මහද්වීපික බැලැස්ටික මිසයිල අමෝරාගෙන සිටිනවා. එවැනි අවස්ථාවක තමන්ගේ ආරක්ෂාව අඩු කරන්න කවුරුවත් සූදානම් නැහැ. කවුරුවත් එහෙම කරන්නේ නැහැ. අපි කොහොමටවත් එහෙම කරන්නේ නැහැ” යැයි ඇය අවධාරණය කළාය.
ඒ.එෆ්.පී 055
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2369
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවට එරෙහිව පියවර ගන්නැයි ඇමෙරිකාව ඉල්ලයි